ශී‍්‍ර ලංකා - මැලේසියානු සබඳතාවට වසර 60යි

ශී‍්‍ර ලංකා - මැලේසියානු සබඳතාවට වසර 60යි

ශී‍්‍ර ලංකා මැලේසියානු තානාපති සබඳතා අරඹා වසර 60 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු විශේෂ ආහාර සහ සංස්කෘතික උළෙලක් ඊයේ (15) පස්වරුවේ ක්වාලාලාම්පූර් නුවරදී පැවැත්විණි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එහි විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක් වූ අතර මැලේසියා මානව සම්පත් සංවර්ධන අමාත්‍ය Dato Sri Richard Riot Anak Jaem මහතා විසින් එහිදී ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.

ශී‍්‍ර ලංකාව සහ මැලේසියාව අතර ආහාර ප‍්‍රවර්ධනය වෙනුවෙන් මෙම ආහාර උළෙල සංවිධානය කර තිබූ අතර ප‍්‍රවීණ සුපවේදී පබිලිස් සිල්වා මහතා ඇතුළු ශී‍්‍ර ලාංකික සුපවේදින්ගේ රසවත් ආහාර පාන වලින් ද මෙම ආහාර උළෙල සමන්විත විය.

එමෙන්ම ශී‍්‍ර ලාංකික ආහාර පාන මැලේසියාව තුළ ප‍්‍රචලිත කිරීමේ අරමුණින් විශේෂාංග රැසක් ද මෙහිදී ඉදිරිපත් කෙරිණි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment