මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ ගිනි තබන්න - එරාන්

මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ ගිනි තබන්න - එරාන්
ආරක්ෂක අංශ බාරයට ගැනෙන මත්ද්‍රව්‍ය සියල්ල ප්‍රසිද්ධියේ ගිනි තබා විනාශ කළ යුතු බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.
 
සිරිකොතදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව අනාවරණය කළේය.
 
ආරක්ෂක අංශය බාරයට ගැනෙන මත්ද්‍රව්‍යවලින් සියයට 90ක් පමණ ඉතා සූක්ෂම අයුරින් නැවතත් වෙළඳපොළට පැමිණෙන බව ජාත්‍යන්තර අත්දැකීම්වලට අනූව දන්නා කරුණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා අනෙකුත් රටවල් ආරක්ෂක අංශ බාරයට ගැනෙන මත්ද්‍රව්‍ය සියල්ල ප්‍රසිද්ධියේ ගිනි තබා විනාශ කරන බව පැවසීය.
 
ආරක්ෂක අංශ විසින් බාරයට ගන්නා මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් එකක් වුවද දහසක් වුවද දඬුවම එක හා සමාන බැවින් අධිකරණයට අවශ්‍ය මත්ද්‍රව්‍ය ප්‍රමාණය පමණක් ඉතිරි කර ගෝල් ෆේස් පිටියේදී ඉතිරි සියල්ල ප්‍රසිද්ධියේ ගිනි තබා විනාශ කළ යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment