සත්ව දඩයම නිසා සමාජ මාධ්‍යය් අපකීර්තියට පත් ඉතාලියානු පශු වෛද්‍යවරයා ලිස්සා වැටී මරුට



සත්ව දඩයම නිසා සමාජ මාධ්‍යය් අපකීර්තියට පත් 
ඉතාලියානු පශු වෛද්‍යවරයා ලිස්සා වැටී මරුට

පසුගිය කාලයේ ඉතාලියේ සමාජ මාධ්‍ය වලින් දැඩි විවේචනයට ලක්වූ බව කියන Luciano Ponzetto නමැති පශු වෛද්‍යවරයෙකු අහම්බෙන් මියගිය ආරංචිය අද යුරෝපා මාධ්‍ය තුළ කථාබහකට ලක්ව තිබේ.
55 හැවිරිදි Luciano Ponzetto ඉතාලියේ ටියුරින් නුවර අසල පශු වෛද්‍ය සායනයක් පවත්වාගෙන ගිය අයෙකි. ඔහු විනෝදය පිණිස
කුරුල්ලන් සිවුපාවුන් නිරන්තරයෙන්ම දඩයම් කර තිබුණ
අතර ඒවා මාධ්‍ය තුළ පළකරමින් ‘පශු වෛද්‍යවරයෙකුට සතුන් දඩයමින් ලැබිය හැකි තරම් වින්දනයක් වෙන කිසිවකින් ලද නොහැකිය‘ යයි ප්‍රසිද්ධියේද පවසා ඇත. ඔහුට එරෙහිව එරට සංවිධාන විරෝධතා දක්වා තිබුණත් ඔහුගේ පැත්ත ගෙන එරට වෛද්‍ය සභාව ක්‍රියාකිරීම නිසා ඔහු මියයන තුරුම එම ක්‍රියාවන් නතර කරන්නට බැරිව ගොස් තිබේ.

සත්ව හිමිකම් ක්‍රියාකාරීන් ඔහුට එරෙහිව අපවාදයට කැප වූ ෆේස්බුක් පිටුවක් පවා නිර්මාණය කර තිබුණි.
ඔහු මියගොස් තිබෙන්නේද කුරුල්ලන් දඩයමේ ගිය අවස්ථාවකය. කුරුල්ලන්ට වෙඩි තියන්න උත්සාහ කළ අවස්ථාවක කිසිදු හේතුවක් සොයාගන්නට අපහසු ලෙස අයිස් තට්ටුවක් මත ලිස්සා ගොස් අඩි 100 ක ප්‍රපාතයකින් වැටී ඔහු මියගොස් තිබුණි.

මෘත ශරීරය හෙලිකොප්ටර් මගින් සොයාගෙන දේශීය රෝහලක තැන්පත් කර ඇතැයිද වාර්තාවේ.



Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment