සා.පෙල විභාගයේ අවුලක්: සිසුන් විශාල පිරිසක් දැඩි අසීරුතාවට

සා.පෙල විභාගයේ අවුලක්: සිසුන් විශාල පිරිසක් දැඩි අසීරුතාවට

අධ්‍යාපන ‍පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නර්තන විෂයේ පළවන ප්‍රශ්න පත්‍රයේ හා දෙවන ප්‍රශ්න පත්‍රයේ පැරණි විෂය නිර්දේශයට අයත් ප්‍රශ්න දෙකක් අන්තර්ගත වී ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් විභාගයට මුහුණ දුන් සිසුන් විශාල පිරිසක් දැඩි අසීරුතාවට පත්වී ඇති බව කියමින් නර්තන විෂයේ නිරත ගුරුවර ගුරුවරියන් ලංකා ගුරු සංගමයට පැමිණිලි ඉදිරිපත් කළ බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවැසී ය.

ඊයේ (15) දිනයේ පැවැති නර්තන විෂය ප්‍රශ්න පත්‍රයේ ගැටලු සහගත ප්‍රශ්න දෙක අන්තර්ගතකර තිබූ බවත් මේ හේතුවෙන් නර්තන විෂයට පිළිතුරු ලියූ සිසු සිසුවියන් අර්බුදයකට පත්වී තිබෙන බවත් පවසමින් සංගමයට ගුරුවරුන් පැමිණිලිකර තිබෙන බව ප්‍රනාන්දු මහතා  පෙන්වා දෙයි.

නර්තන ගුරුවර ගුරුවරියන් පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ පැරණි විෂය නිර්දේශයේ ප්‍රශ්න දෙකක් ප්‍රශ්න පත්‍රයට එක්කාසු කර ඇති බවත් මෙවර විභාගයට සහභාගි වූ සිසු දරුවන් නව නිර්දේශයෙන් විභාගයට පෙනී සිට ඇති බවත්ය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අද (16) අධ්‍යාපන අමාත්‍යවරයාට, අධ්‍යාපන අමාත්‍යාංශයට හා විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment