සා.පෙළ විභාගයේ වංචා ගැන කියන්න දුරකතන අංක 7 ක්

සා.පෙළ විභාගයේ වංචා ගැන කියන්න දුරකතන අංක 7 ක්
හෙට (06) දින ආරම්භ වන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් කිසියම් අක‍්‍රමිකතාවක් වෙතොත් ඒ පිළිබද දැනුම්දීමට විශේෂ දුරකතන අංක 07 ක් හඳුන්වාදී තිබේ. ඒ අනුව 1911, 011 2 78 42 08, 011 2 78 45 37, 011 3 18 93 50 හා 011 3 14 03 14 යන දුරකතන අංක හරහා ඒ පිළිබද තොරතුරු දැනුම්දිය හැකිය.

මීට අමතරව 011 2 42 11 11 හා 119 යන අංක හරහා ද විභාග වංචා පිළිබද දැනුම්දිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙම දුරකතන අංක පැය 24 පුරා කි‍්‍රයාත්මකය. මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය නව සහ පැරණි විෂය නිර්දේශයන් යටතේ ආරම්භවන අතර, දෙසැම්බර් මස 17 වැනිදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 5669ක් හා සම්බ්ධීකරණ මධ්‍යස්ථාන 538ක් යටතේ එය පැවැත්වේ.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළ පරිදි මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 700,000කට ආසන්න ප්‍රමාණයක් පෙනී සිටීමට නියමිත අතර විභාග පරිපාලනය සඳහා 65,524 ක කාර්යමණ්ඩලයක් යොදවා ඇත. දිනපතා විභාගය පෙ.ව.8.30ට ආරම්භ වන අතර පෙ.ව.8.00ට පෙර සියලුම අයදුම්කරුවන් විභාග මධ්‍යස්ථානයට අනිවාර්යයෙන් පැමිණිය යුතුය. 

එසේ පැමිණෙනවිට විභාග ප්‍රවේශපත්‍රය, ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශගමන් බලපත්‍රය රැගෙන ඒම අනිවාර්ය වේ. විභාග අපේක්ෂකයන් විභාග ශාලාව තුළ ජංගම දුරකථන ළඟ තබාගැනීම, සටහන් තබාගැනීම, පිළිතුරු ලබාදීම සඳහා උපකාර ලබාගැනීම, උපකාර ලබාදීම සහ පිළිතුරු කොපි කිරීම සපුරා තහනම් වන අතර, එවැන්නක් සිදු වූවහොත් ප්‍රතිඵල අවලංගු කිරීම සහ ඉදිරි විභාග සඳහා පෙනී සිටීම තහනම් කිරීම සිදුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

යම් අපේක්ෂකයෙකු වෙනුවෙන් වංචනිකව වෙනත් අයෙකු පෙනී සිටින්නේ නම්, විභාග ශාලාව තුළදීම ඔවුන් පොලිස් අත්අඩංගුවට ගැනීමට  කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment