පුත්තලම හෝටලයක පිහිණුම් තටාකයකට වැටුණ 8 හැවිරිදි දැරියක මරුට


පුත්තලම කල්පිටියේ සංචාරක හෝටලයක පිහිනුම් තටාකයකදී අද (25) 8 හැවිරිදි දැරියක මරණයට පත්ව තිබෙනවා.
නත්තල් නිවාඩුව
නිමිත්තෙන් දෙමව්පියන් සමග දහවල් ආහාරය ගැනීමට පැමිණි මෙම දැරිය ආහාර වේලට ප්‍රථමයෙන් හෝටලයේ පිහිනුම් තටාකයට ආසන්නයෙන් ගමන් ගනිද්දී දෙමව්පියන්ට  මගහැරී තිබෙන අතර පසුව ඇය තටාකයට වැටී තිබෙන බව දැකගන්නට ලැබී ඇත. අවට සිටියවුන් ඇයව බේරාගන්නට උත්සාහ කළ නමුත් අධික ලෙස ජලය පෙවීම නිසා ඇය පසුව මරණයට පත්වූ බව කල්පිටිය රෝහල් ආරංචි හෙළි කළා.
ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන්නට නියමිතව තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment