හොර රහසේම බාල තෙල් ගණුදෙනුවක් ඔක්ටේන් 92 පෙට්ට‍්‍රල් ගහන්නේ බලාගෙනයි….ඉන්ධන පිරවුම්හල් අක්‍රිය වෙයි

ඛනිජතෙල් අමාත්‍යංශයේ සිදුව ඇති ඉහල පෙළේ බාල තෙල් ගණුදෙනුවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

අදාළ බාල තෙල් තොගය හේතුවෙන් ප්‍රදේශ රැසක පිරවුම්හල් වල ඇති යන්ත‍්‍ර අකි‍්‍රය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ලැබුනු පැමිණිලී හේතුවෙන් කල පරික්ෂණවලදි මෙම බාල තෙල් බෙදාහැරීම පිළිබඳව තොරතුරු අනාවරණය වි තිබේ. අත යට ගණුදෙනුවක් හරහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ප්‍රමිතියෙන් තොර පෙට්ට‍්‍රල් තොගයක් ගෙන්වා හොර රහසේම බෙදාහැරීමට කටයුතු කර තිබේන බව මේ වන විට අනාවරණය වි තිබේ. 

නියම්ත ඔක්ටේන් අගය නොමැති ඔක්ටේන් 92 පෙට්ට‍්‍රල් මෙට්‍රික්ටොන් 30,000ක් පමණ මේ අකාරයට රහසේම ගෙන්වා ඇති අතර අදාළ පෙට්ට‍්‍රල් තොගය පරික්ෂණ 3කදි අසමත් වි නැවත් හරවා යැවිමට කටයුතු කර ඇති අතර පසුව අතයට සිදුවු ඉහල පෙළේ මුල්‍ය ගණුදෙනුවක් හරහා අදාල තෙල් තොගය කොටස් වශයෙන් පිරිහදුවට ඇතුල් කර තෙල් සංස්ථාවේ ඉන්ධන පිරිවුම්හල් හරහ බෙදාහැරීමට කටයුතු කර තිබේ.

අදාල බාල තෙල් තොගය හේතුවෙන් නියම්ත ඔක්ටේන් අගය වන ඔක්ටේන් 92 පෙට්ට‍්‍රල් වෙනුවට නිෂ්පාදනය කර ඇත්තේ ඔක්ටේන් 88 වන අතර නියම්ත ඔක්ටේන් අගය නොමැති පෙට්ට‍්‍රල් බෙදාහැරිම හේතුවෙන් පිරවුම්හල් වල ඇති යන්ත‍්‍ර පවා අකි‍්‍රය වී තිබේ.

මේ නිසා ගාල්ල,මාතර , මහනුවර , රත්නපුර හා කොළඹ යන ප‍්‍රදේශවල පිරව්ම්හල් වල ඇති යන්ත‍්‍ර අකි‍්‍රය වී ඇති බවට පැමිණිලී ලැබී ඇති අතර ඒම පැමිණිලිවලට අනුව කල සොයා බැලිමේදි අදාළ තොරතුරු අනාවරණය වි ඇති නමුත් ඉහලින් ලැබෙන බලපෑම් හමුවේ තොරතුරු පිටට යැම වලක්වා ඇති බවයි අනාවරණය වි ඇත්තේ.


(උපුටා ගැනීම : ලංකා නිවුස් වෙබ් ටුඩේ)
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment