අගමැති මාධ්‍යවේදීයාගේ වරදක් පෙන්වයි

අගමැති මාධ්‍යවේදීයාගේ වරදක් පෙන්වයි
මාගම්පුර වරායේදී නාවික හමුදාපති මාධ්‍යවේදියාට පහරදීමේ සිද්ධියේදී පහර කෑ මාධ්‍යවේදියා පැමිණිල්ල කර ඇත්තේ වැරදි පොලිසියට බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ අනුව පැමිණිලි කළයුත්තේ හම්බන්තොට පොලිසියට බවත් එහි පැමිණිල්ලක් කළහොත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
 
අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ නාවික හමුදාපති ආර්.විජේගුණරත්න හම්බන්තොට වරාය සේවක වර්ජනය හේතුවෙන් ඇතිවූ සිද්ධියේ වාර්තාව අගමැතිට ලබාදීමේ අවස්ථාවේදී ය.
 
එහිදී හම්බන්තොට වරායේ නාවික හමුදා කඳවුරක් පිහිටුවන ලෙස අගමැතිවරයා නාවික හමුදාපතිට උපදෙස් දුන් අතර වරාය සේවක වර්ජනයේදී විදේශ නෞකාවක් වරායේ රඳවාගෙන සිටීම හේතුවෙන් ඩොලර් ලක්ෂ 40ක බිලක් එම නැව් සමාගම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා එවා ඇතැයි අගමැති පැවසුවේය.
 
මාගම්පුර වරායේ දේපළවලට හානි කර ඇත්නම් තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන බවද හෙතෙම පැවසීය.
 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment