පාසල් සිසු සිසුවියන් සඳහා නිල ඇඳුම් වවුචර් තිළිණ පත් ලබාදීමේදී අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛ දෙකක් හේතුවෙන් විදුහල්පතිවරුන් දුෂ්කරතා රැසකට මුහුණදී ඇති බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පවසයි.
2017 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් තිළිණ පත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් වූ චක්‍රලේඛයක් 2016 සැප්තැම්බර් මස 26 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එස්.එස්. හෙට්ටිආරච්චි මහතා නිකුත් කර තිබේ.
එම චක්‍රලේඛයට අනුව දුෂ්කර සහ හුදෙකලා පාසල්වල විදුහල්පතිවරුන්ට තම පාසල් දරුවන් සඳහා ලංකා සළුසල ආයතනයෙන් නිල ඇඳුම් රෙදි ලබා ගැනීමට විදුහල්පතිවරුන්ට අවසරය දී ඇති අතර පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්, කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහ සියලුම විදුහල්පතිවරුන් වෙත යවා ඇති එම චක්‍රලේඛය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යැවීමටද අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම්වරයා කටයුතු කර ඇති බව පියසිරි ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.
නැවතත් පසුගිය අගෝස්තු ස 3 වැනිදා චක්‍රලේඛයක් නිකුත් කර ඇති අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පාසල් දරුවන්ට නිල ඇඳුම් තිළිණ පත නිකුත් කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇත.
එම චක්‍රලේඛයද සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සිට විදුහල්පතිවරුන් දක්වා යැවීමටද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා කටයුතු කර ඇත. නමුත් තමන් පෙර නිකුත් කර ඇති චක්‍රලේඛය අවලංගු කිරීමට හෝ සංශෝධන ඉදිරිපත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා කටයුතු කර නොමැති බවද පියසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
එවැනි තත්ත්වයක් මත දරුවන්ගේ සහ මවුපියන්ගේ පහසුව තකා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කරන ලද පෙර චක්‍රලේඛයට අනුව යමින් ඇතැම් විදුහල්පතිවරුන් පාසල් නිල ඇඳුම් තිළිණ පත් වෙනුවට රෙදි ලබාදීමට කටයුතු කර තිබෙන බවද ඔහු වැඩිදුරටත් පැවසී ය.
0 comments :
Post a Comment