ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ කණ්ඩායම විසින් අලුත් පක්ෂයක් පිහිටුවීමේ අරමුණු 02ක් ඇති බවත් ඉන් එක් අරමුණක් වන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් පළි ගැනීම බවත් අනෙක් අරමුණ වෙනත් පක්ෂයකට බලය ලබාදීම බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (06) පැවති මධ්‍ය හමුවකදීය.
එහිදී අදහස් දැක්වූ ශාන්ත බණ්ඩාර මහතා කියාසිටියේ හිටපු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා හැරුණුවිට ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ගේ සහය ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලැබෙමින් පවතින බවයි.
හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ 30 අවුරුද්දක් පැවැති යුද්ධය අවසන් කළ නමුත් යුද්ධයේ පසුකාලීන තුවාල සුවපත් කළේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා බව ඔහු මෙහිදී පැවසීය.
0 comments :
Post a Comment