සැමියාගේ අනියම් සබඳතාව ගැන උරණ වූ බිරියගෙන් රහස් පෙදෙසට උණු වතුර

සිය සැමියා නිවස අසල කාන්තාවක් සමඟ රහසිගතව සම්බන්ධතාවක් පවත්වාගෙන යෑමෙන් උරණ වූ වැලිගම ප්‍රදේශයේ කාන්තාවක් සිය 38 හැවිරිදි ස්වාමි පුරුෂයාගේ රහස් ප්‍රදේශයට උණු වතුර වත්කර
බරපතළ පිලිස්සුම් තුවාල සිදු කිරීම
සම්බන්ධයෙන් විවාහක කාන්තාව වැලිගම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ඇය මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදා හරින ලෙස මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු යුරේෂා ද සිල්වා මෙනෙවිය නියෝග කළාය.

එම සැකකාරිය වැලිගම ප්‍රදේශයේ විද්‍යාලයක ගුරුවරියක් වන අතර සිය සැමියා නිවෙස අසල තවත් කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවට තහවුරු කර ගැනීමෙන් පසුව අවස්ථා කිහිපයකදී සිය සැමියාට අනියම් සම්බන්ධතාව නතර කරන ලෙස අවවාද කර ඇති අතර එම අවවාද පිළිනොගැනීම හේතුවෙන් උරණ වූ බිරිය විසින් සැමියාගේ රහස් ප්‍රදේශයට උණු වතුර වත් කර තුවාල සිදු කර ඇතැයි පැවැසේ. ස්වාමිපුරුෂයා කරාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. වැලිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරයි.

මාතර - දර්ශන කොඩිතුවක්කු
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment