දුම්කොළ සමාගම්වලින් ලබාදෙන කිසිදු මුදලක් භාර ගැනීමට රජය සූදානම් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ඊයේ (05) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුණු අවස්ථාවේ ඊට එක් වෙමිනි.
භෞතික වශයෙන් කෙතරම් සංවර්ධනය වුවද රටක සංවර්ධනයේ ප‍්‍රධාන සාධකය වන්නේ එහි ජනතාවගේ යහපත් සෞඛ්‍ය තත්ත්වය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා නිරෝගීමත් ජනතාවක් ලෙස ශී‍්‍ර ලාංකීය ජනතාව ගොඩනැගීම වත්මන් රජයේ අරමුණ බවද කියා සිටියේය.
ශී‍්‍ර ලංකා රජය දුම්කොළ සහ මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ අනුගමනය කරන දැඩි තීන්දු තීරණ අද එක්සත් ජාතින්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ඊට අනුබද්ධ අන්තර්ජාතික සංවිධාන සහ ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු රාජ්‍යයන්හි පිළිගැනීමට ලක්ව තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.
තවද මෙරට බටහිර වෛද්‍ය විද්‍යාව මෙන්ම සාම්ප‍්‍රදායික වෛද්‍ය ක‍්‍රමය වූ ආයුර්වේදය ප‍්‍රමුඛ දේශීය වෛද්‍ය විද්‍යාව ද අද ලෝකය තුළ ඉහළ පිළිගැනීමකට ලක්ව තිබෙන බවත් එම අංශ දෙකෙහිම සංවර්ධනය වෙනුවෙන් රජය කැප වී සිටින බවත් ජනාධිපතිවරයා පැවසීය.
වෛද්‍යවරුන් සහ හෙදියන් රට හැර යාම අද සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ බරපතළ ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රට හැර දා විදේශගතවීම හැකිතාත් අවම කරන ලෙස සියලු විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සහ හෙද සේවයේ සියලුදෙනාගෙන් තමා ඉල්ලා සිටින බවත් මේ වන විට රට හැර ගොස් විදේශ සේවයේ නිරතව සිටින සියලු වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට නැවත මව් රටට පැමිණ ටික කාලයක් හෝ මාතෘ භූමිය වෙනුවෙන් සේවය කරන ලෙස තමා ගෞරවයෙන් ඉල්ලා සිටින බවත් කියා සිටියේය.
රට හැර යන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ යම් පාලනයක් සිදුවුවහොත් සහ දැනට විදේශගතව සිටින පිරිස් නැවත මව් රටට පැමිණ සිය සේවය මාතෘ භූමිය වෙනුවෙන් නැවත ලබාදෙන්නේ නම් එම දෙපිරිස වෙනුවෙන්ම රජයේ වගකීම් ඉටු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.
0 comments :
Post a Comment