චීනය සහ ලක් රජය අතර පැවැති ගැටළු අවසන් 

චීනය සහ ලක් රජය අතර පැවැති ගැටළු අවසන් 

ශ්‍රී ලංකාව චීනයේ විශේෂිත මිත්‍රයෙක් වුවත් චීනය සහ ශ්‍රී ලංකා නව රජය අතර යම් යම් ගැටළු පැවතුන බවත් නමුත් එම ගැටළු මේ වනවිට විසදී තිබෙන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ පසුගියදා කළුතර නාගොඩ මහ රෝහලේ දී පැවති චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්ත්වය තවත් තහවුරු කරමින් චීනයේ ලයිෆ් ලයින් එක්ස්ප්‍රස් (Life Line Express) සංවිධානය විසින් සිදුකළ අක්ෂි සායනයට එක්වෙමිනි. 

දින 30 ක් තුල අක්ෂි ශල්‍යකර්ම 500 ක් චීනයේ පීකිං වෛද්‍ය විද්‍යාලයේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් විසින් සිදු කිරීමට නියමිතය. 

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “චීනය හා ශ්‍රී ලංකාව අතර හොද මිත්‍රත්වයක් පවතිනවා. චීනය ශ්‍රී ලංකාවට ආධාර රැසක් ලබාදී තිබෙනවා. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව, උපමාධිකරණ සංකීර්ණය, අධිවේගී මාර්ග, මත්තල ගුවන්තොටුපල, හම්බන්තොට වරාය ඒ අතර ප්‍රධාන වෙනවා. කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය ඉදිකිරිම සදහාත්, පොළොන්නරුව වකුගඩු රෝහල ඉදිකිරීම සදහාත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්ව රසායනාගාරයක් ඉදිකිරීම සදහාත් චීනය ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයට උදවු කිරීමට සුදානම්න් සිටිනවා. කොළඹ වරාය නගරයත් චීනයෙන් අපට ලැබුන දායාදයක්. ඩොලර් බිලියන 7.5 ක් වන එම ව්‍යාපෘතියත් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.“ 

“ශ්‍රී ලංකාව චීනයේ විශේෂිත මිත්‍රයෙක්. චීනය සහ ශ්‍රී ලංකා නව රජය අතර යම් යම් ගැටළු පැවැතුනා. නමුත් එම ගැටළු මේ වනවිට විසදී තිඛෙනවා. හැබැයි චීන රජය මොන ගැටළු තිබුනත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මට සහයෝගය ලබාදුන්නා. මේ වනවිට රාජ්‍ය දෙකම හොද මිත්‍රත්වයෙන් රාජතාන්ත්‍රික කටයුතු සිදු කරනවා.“ යැයි අමාත්‍යවරයා පැවසී ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment