මහඇමති පේෂලගේ ජිප් රථය ත්‍රීවිල් එකක් හප්පා පුද්ගලයෙකු මරුට



උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්නගේ රියෙහි ගැටී ඊයේ රාත්‍රී පුද්ගලයෙකු මියගියා. සීගිරිය සීගිරිමුල්ල ප‍්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇත්තේ ජීප් රථය අදාළ ත‍්‍රීරෝද රථයේ පිටුපස ගැටීමෙනි.
මියගොස් ඇත්තේ

රථයෙහි පසුපස ගමන් කළ පනස් හතර හැවිරිදි මැල්සිරිපුර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සිදුවන අවස්ථාවේ  ත‍්‍රීරෝද රථය පැදවූ පුද්ගලයා සුළු තුවාල ලබා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් උතුරුමැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්නගේ රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහනයද පොලිසිය භාරයට ගෙන ඇත.
රියදුරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment