අතුරුදන් සුනඛයා ගෙනත් දෙන්නැයි නත්තල් සීයාට ලිපියක් ලියූ දැරියට වුණ දේ

ඇමරිකාවේ බෝස්ටන් නුවර වාසය කරන 7 හැවිරිදි ඉස්ලා කර් දැරිය නත්තල් සීයාට ලියූ ලිපියක් සමාජ මාධ්‍යයේ ආන්දෝලනයක් ඇති කර තිබේ.

 ඇගේ ආදරණීය සුනඛයා ඩොලී අතුරුදන්වූ දුකින් සිටි ඇය නත්තල් සීයාගෙන් ආයාචනය කරමින් සතියකට පෙර ලිපියක් ලියා තිබුනේ මෙසේය.

 "දයාබර සැන්ටා, මට නත්තලට
තෑගි එපා ආපහු මගේ බල්ලා ඩොලීව ගෙනත් දෙන්න.
මට එයාව ගොඩක් මතක් වෙනවා. මම එයාට ගොඩාක් ආදරෙයි. "

ඇගේ මෙම ලිපිය දැක පවුලේ අය නගරය පුරා අහිමි සුනඛයාගේ පෝස්ටර් ගසා ඌ සොයන්නට උනන්දුවූ පසුව උද්‍යානයක් අසළ රැඳී සිටි ඩොලී සොයාගෙන ඇයට නත්තල් තෑග්ග ලෙස ලබාදෙන්නට හැකිවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment