නත්තල් සීයාට එන අහඹු ලියුම්වලට උත්තර දෙන සමලිංගික යුවළ


ඇමරිකාවේ මෑන් හැටන් නුවර 22 වන වීදියේ වාසය කරන සමලිංගික විවාහකයන් වන ජිම් ග්ලබ් හා ඩිලන් පාර්කර් යුවළ පසුගිය සෑම නත්තලකම මෙන් මෙවරද සමාජ මාධ්‍ය තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව ඇත. ඊට හේතුවී ඇත්තේ කිසියම් සොයාගත නොහැකි හේතුවක් නිසා ඔවුන්ගේ ලිපිනයට නත්තල් සීයා
අමතමින් දරුවන්ගෙන් ලියුම්

ලැබීමත් එම සියලුම ලියුම් වලට මේ දෙදෙනා එක්ව පිළිතුරු ලබාදීමත්ය.

‘සැන්ටා ගෙදර‘ ලෙස ප්‍රසිද්ධියට පත් මෙම නිවසට සෑම වසරකම නොවැම්බර් මාසයේ සිට තැපැල් පෙට්ටිය නත්තල් සීයා වෙනුවෙන් බලාපොරාත්තු වූ දරුවන්ගේ ලියුම් තොග වශයෙන් පිරෙන බවත් ඒවා කාලය වැය කරමින් කියවා දරුවන් සතුටු කරන පිළිතුරු ලිවීම ආසාවෙන් කරන බවත් එම දෙදෙන පවසනවා.
  දරුවන් නැති තමන්ට මෙම ආශ්චර්යය අදහන්නට අපහසු සිදුවීමක් බවද ඔවුන් දන්වා සිටී.

පසුගිය කාලයේ නත්තල හා සම්බන්ධ විවිධ ළමා පොත් වලට හා කතාවලට ඔවුන් සම්බන්ධවීම නිසා මේ ලිපිනය ‘සැන්ටාගේ ලිපිනය‘ ලෙස කොහෙන් හෝ දරුවන් උපුටාගෙන ඇති බව ඔවුන් විශ්වාස කරනවා.

‘22 වැනි වීදියේ ආශ්චර්යය‘ නමින් මේ අයගේ සත්ක්‍රියාව වෙනුවෙන් ෆේස්බුක් පිටුවක්ද දැන් අරඹා ඇත.
එම පිටුවේ යොමුව මෙසේය.
http://ift.tt/2i6pHNA
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment