පාතාලේ 'උදම්මිට සමරේ' වෙඩිවැදී මරුට

පාතාලේ 'උදම්මිට සමරේ' වෙඩිවැදී මරුට

පාතාල සාමාජිකයෙකු යයි කියන 'උදම්මිට සමරේ' නමැති පුද්ගලයා වේයන්ගොඩ දුම්රියපොළ ආසන්නයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

ඊයේ(24) රාත්‍රී 10.00ට පමණ වේයන්ගොඩ දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථ‍යකින් යමින් සිටි පිරිසක් වෙත මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇත.

ඒ වන විට මෝටර් රථයේ සිව් දෙනෙකු ගමන්කොට ඇති අතර එයින් දෙදෙනෙකුට වෙඩි වැදී ඇති බවත්, එයින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ජීවිතක්ෂයට පත්වූ තැනැත්තා'උදම්මිට සමරේ'යන අය බවත් හඳුනාගෙන තිබේ. 

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට මේවන විටත් ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසීය.

වෙඩිතැබූවන් යතුරුපැදියකින් පැමිණෙන්නට ඇතැයි සැක පළකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment