ශ‍්‍රිලනිපය තුන්වැනියා වුණත් මාර්තුවලට පෙර පුංචි ඡන්දය තියනවා.. තව පරක්කු වුණොත් හොදටම පරාදයි.. – ජනපති

එළැඹෙන මාර්තු මාසය වන විට පළාත් පාලන මැතිවරණය පවත්වන බවත් එය පවත්වන්නේ සමානුපාත ක‍්‍රමයට නොව ස්ථිර වශයෙන්ම කොට්ඨාශ ක‍්‍රමයට බවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩුවේ සිටින ශ‍්‍රිලනිප මැති ඇමති කණ්ඩායම හමුවේ සදහන් කර ඇත.

තව දුරටත් මැතිවණරය කල් ගියහොත් ආණ්ඩුවට මැතිවරණයට මුහුණ දීම තව තවත් අසීරු වන බවත් ශ‍්‍රිලනිපය මෙම මැතිවණයෙන් තුන්වන තැනට පත් වුවත් මාර්තුවට පෙර මැතිවරණය පවත්වන බවද ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත.

එසේ වුවද එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් සහත්ක කර කියා සිටින්නේ පළාත් පාලන මැතිවණය පැවැත්වෙන්නේ සමානුපාත ක‍්‍රමයට බවයි.

ජනතා විමුක්ති පෙරමුණ මේ වන විටත් ප‍්‍රකාශ කර ඇත්තේ තම පක්‍ෂය කොට්ඨාශ ක‍්‍රමය යටතේ මැතිවරණය පවත්වන්නේ නම් තමන් තරග නොකරන බවයි. මොන ක‍්‍රමයට මැතිවරණය පැවැත්වුවද ස්ථිර වශයෙන්ම මෛත‍්‍රී-රනිල්-මහින්ද ප‍්‍රධාන පක්‍ෂ තුනකට නායකත්වය දෙමින් තරග වැදීම ස්ථිර නිසා ජවිපෙ මැතිනණයට පෙරම විශාල අවාසි සහගත තත්වයකට පත් වනු ඇති බව මෑතකදී එම පක්‍ෂයේ ඉහලම මණ්ඩලයක සාකච්චා වී ඇත.

සමානුපාත ක‍්‍රමයට මැතිවරණය පැවැත්වුවද රට පුරා ඡන්ද ප‍්‍රධාන පිල් තුනට බෙදෙන නිසා ජවිපෙ පහලම තැනකට දැනටමත් වැටී ඇති බවත් මැතිවරණයේදී සුළු ජාතික පක්‍ෂ හා වෙනස් සුළු පක්‍ෂ ජවිපෙට වඩා ආසන ප‍්‍රමාණයක් දිනා ගනු ඇති බවත් එම මැතිවණයෙන් පසු ජවිපෙ මෙරට දේශපාලනය දහවන හෝ පහලොස්වන බලවේගය වනු ඇති බවත් මේ වන විටත් දේශපාලන විචාරකයින් මත පල කරති.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment