යාපනයේ තරුණයින්ට රජයෙන් අක්කර බාගයක්

යාපනයේ තරුණයින්ට රජයෙන් අක්කර බාගයක්

යාපනය දිස්ත්‍රික්කයේ කළපු ආශ්‍රිතව තිබෙන හිස් ඉඩම් අක්කර බාගය බැගින් එම ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන්ට ලබා දී එම ඉඩම්වල මසුන් සහ ජලජ පැළෑටි වගාකිරීම සඳහා ඔවුන් උනන්දු කරවීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ තීරණය කර තිබේ.

යාපනය දිස්ත්‍රික්කයේ ධීවර කටයුතු සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේය. 

යාපනය දිස්ත්‍රික්කයේ කළපු ආශ්‍රිතව ඇති හිස් ඉඩම් පිළිබඳව වාර්තාවක් තමන්ට ලබා දෙන ලෙස කී ඇමැතිවරයා තරුණ තරුණියන්ට අවශ්‍ය තාක්ෂණික උපදෙස් සහ මූල්‍ය ප්‍රතිපාදන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ලබා දීමට සූදානම් බව ද පැවසීය.

එම දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය සඳහා මසුන් අපනයනය කිරීම, අතිරික්ත මසුන් කරවල කිරීම සහ ටින් මාලු නිෂ්පාදනය දැල්ලෝ කකුළුවෝ සහ ඉස්සෝ අපනයනය කිරීම මෙන්ම, තාවත්කාඩු ප්‍රදේශයේ ධීවර වරායක් ඉදිකිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ද සාකච්ඡා කළේය. 

- දිනසේන රතුගමගේ -

 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment