දිනපු දෙයක්‌ නෑ වර්ජනය අසාර්ථකයි‍ අංජනයට අඩුගාණෙ බස්‌ එකක්‌වත් නෑ - ගැමුණු කියයි


පසුගියදා පැවති බස් වර්ජනය ගැන ලංකා පෞද්ගලික බස්‌ රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා ඊයේ (04 වැනිදා) මෙසේ කියා ඇත.

"මේ බස්‌ ස්‌ට්‍රයික්‌ එකේදි බස්‌ සංගම් දිනපු දෙයක්‌ නැහැ. ජනාධිපතිතුමා ඔවුන්ටත් කියා තියෙන්නේ වර්ජනයට
පෙරදින මට කියපු දේමයි.
බොරුවට බස්‌ වර්ජනයක්‌ කරලා මගීන් අපහසුතාවට පත් කළා. ඉල්ලීම් ඉල්ලා ස්‌ට්‍රයික්‌ කළා නම් ඒක දිනලා එපැයි ස්‌ට්‍රයික්‌ එක නතර කරන්න. අන්තිමට දිනපු දේකුත් නැහැ. මම කියන්නේ මේ බස්‌ වර්ජනය අසාර්ථකයි කියලා.කුලියට කහින අංජනයාට බස්‌ එකක්‌වත් නැහැ. බස්‌ සංගමයක සභාපති වෙන්න තමන්ගේ නමට බස්‌ එකක්‌ තියෙන්න ඕනෑ. නමුත් මෙයාට බස්‌ පර්මිට්‌ එකකුත් නැහැ. බොරුවට මාධ්‍ය ඉදිරියේදී ෂෝ පෙන්වනවා. දැන් දර ගොන් කරත්තය එයාට තමයි අරගෙන යන්න වෙන්නේ. ගොනාව කරත්තයට දාලා එයාට තමයි ඇදගෙන යන්න වෙන්නේ.පෞද්ගලික හා ලංගම බස්‌ රථවලට පහරදී අලාභහානි කළ සියලුම දෙනා අත්අඩංගුවට ගන්න. මේ පහරදීම් නිසා බස්‌ රියෑදුරන් හා මගීන් තුවාල ලබා සිටිනවා. මම මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනව"

(ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ - චමින්ද සිල්වා)
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment