සංවර්ධන පනත සංශෝධනයට අගමැති එකඟවෙයි

සංවර්ධන පනත සංශෝධනයට අගමැති එකඟවෙයි

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධනය කර යළි ඉදිරිපත් කිරීමට පළාත් මහ ඇමතිවරුන් සමඟ අද(23) පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟවී තිබේ. 

බස්නාහිර, දකුණ, නැගෙනහිර සහ ඌව යන පළාත් වල මහ ඇමතිවරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර පළාත් මහඇමතිවරුන් 5 දෙනෙකු සහභාගි වී නොසිටි බව වාර්තාවේ.

එහිදී සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතින් පළාත් සභාවලට බලපාන කරුණු  සංශෝධනය කර එය යළි ඉදිරිපත් කරන බවට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. 

කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන යෝජනාව උතුරුමැද පළාත් සභාවේදී ද අද වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය. ඊට විපක්ෂව ඡන්ද  19 ක් ද පක්ෂව ඡන්ද 10 ක් ද ලැබිණි.

මහ ඇමැති පේෂල ජයරත්න මහතා ඇතුළු සන්ධාන මන්ත්‍රීවරු විරුද්ධව ද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පක්ෂව ඡන්දය භාවිතා කර ඇත.

එසේම, ඊයේ(22) එය ඌව පළාත් සභාවේ දී පරාජයට පත්වූ අතර ඊට එරෙහිව උතුරු පළාත් සභාව ද ඒකමතික යෝජනාවක් අද සම්මත කර ගෙන තිබිණි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment