වර්ජන දා සීටීබීයක යද්දී ගලක් වැදුණ කෝප්‍රල් දැඩි සත්කාර ඒකකයේ

පසුගිය දෙවැනිදා දිවයින පුරා පැවැති පෞද්ගලික බස්‌ වර්ජනය අවස්ථාවේ අනුරාධපුර ප්‍රදේශයේදී ලංගම බස්‌ රථයක වීදුරුවලට ගල් ප්‍රහාරයක්‌ එල්ල වූ අතර එහිදී බස්‌ රථය තුළ
ගමන් කරමින්

සිටි යුද හමුදා කෝප්‍රල්වරයෙක්‌ බරපතළ තුවාල ලැබීය. ඔහු නිවාඩු ලබා නිවෙස්‌ බලා යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්‌වී ඇත. ඔහුට අනුරාධපුර රෝහලේදී ශල්‍යකර්මයකට ලක්‌කිරීමෙන් පසුව ඔහු ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
ගමනාගමන මණ්‌ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතාද ඔහුගේ සුවදුක් බලන්නට රෝහලට ගොස් ඇත. එම කෝප්‍රල්වරයා තවමත් සිහි නොලබා රෝහලේ සිටින බව ඔහු කියා සිටියේය.
මගීන්ට සහනයක් පිණිස වර්ජනයට පිළියමක්‌ වශයෙන් යෙදවූ ශ්‍රී ලංගම බස්‌ රථ 128 කට කලහකාරීන් විසින් පහරදී අලාභහානි සිදුකර තිබුණ බවද සභාපතිවරයා පවසා තිබේ.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment