තිස්සට දුව බලන්න රටින් පිට යන්න බෑ

තිස්සට දුව බලන්න රටින් පිට යන්න බෑ

කූට ලේඛන සැකසී යැයි කියන චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ලබන 25 වැනි දා සිට ජනවාරි 13 වැනි දා දක්වා තම දියණිය බැලීමට ඔස්ට්‍රේලියා යාමට කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (16)  ප්‍රතික්ෂේප කළාය.

තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන ඒ මහතාගේ දියණිය හමුවීම සඳහා ඔහුට විදේශ ගතවීමට අවසර දෙන ලෙසයි.

නීතිපතිවරයා මෙම ඉල්ලීමට විරෝධය දක්වමින් පැවසුවේ විශේෂ හේතුවක් නොවන නිසාත් මාර්තු මස සිට නඩුව දිනපතා විභාග වන නිසාත් එම ඉල්ලීමට අවසර නොදෙන බවයි.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment