විමල් වීරවංශ පොලිසිය මගහරී

විමල් වීරවංශ පොලිසිය මගහරී
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ දූෂණ, වංචා චෝදනා සම්බන්ධ පරීක්ෂණවලට සහාය දීම හිතාමතාම ප්‍රමාද කරමින් සිටින බව පොලීසිය පවසයි.
 
රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අවශ්‍ය ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණෙන මෙන් දැනුම් දෙන දිනවල මන්ත්‍රීවරයා නිසියාකාරව පෙනී නොසිටින බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වීමක් කරමින් පොලිසිය මේ බව ප්‍රකාශ කළේය. 
 
එහි ප්‍රතිඵලයක් ලෙසින් අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර ගැනීමට නොහැකි බැවින් නීතිපතිවරයා වෙත පරීක්ෂණ ගොනු යැවීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
 
කරුණු සලකා ලැබූ මහේස්ත්‍රාත්වරිය ලබන 28 සහ 29 යන දිනවල පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉදිරියේ පෙනී සිට අවශ්‍ය ප්‍රකාශ ලබාදෙන මෙන් විමල් විරවංශ මන්ත්‍රීවරයා වෙත නියෝග කළාය.
 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment