සීමානීර්ණ වාර්තාව ඉල්ලා අමාත්‍යංශ ලේකම්ගෙන් කමිටු සභාපතිට ලිපියක් 

සීමානීර්ණ වාර්තාව ඉල්ලා අමාත්‍යංශ ලේකම්ගෙන් කමිටු සභාපතිට ලිපියක් 

 

කොට්ඨාශ සීමානීර්ණය පිළිබඳ අභියාචනා විමර්ශන වාර්තාව කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙස, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා, කොට්ඨාශ සීමානීර්ණය පිළිබඳ අභියාචනා විමර්ශන කමිටුවේ සභාපති අශෝක පිරීස් මහතාගෙන් ඉල්ලා සිටියි.

ලේකම්වරයා මෙම ඉල්ලීම කර ඇත්තේ, අශෝක පීරිස් මහතා වෙත ලිපියක් යොමුකරමිනි. 

කොට්ඨාශ සීමා නීර්ණය පිළිබඳ අභියාචනා විමර්ශනය, 2016 නොවැම්බර් මස 30 වනදා අවසන් කර, එම වාර්තාව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාට බාරදීමට නියමිතව තිබිණි.

එහෙත්, සිතියම් ඇඳීම සහ වාර්තාව දෙමළ සහ ඉංග්‍රීසී භාෂා වලට පරිවර්තනය කිරීමට තවත් සති දෙකක කාලයක් අවශ්‍ය බව, 2016 දෙසැම්බර්  මස 01 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අශෝක පිරීස් මහතා පැවසීය.

එම සති දෙක ද අද වන විට අවසන් වී තිබේ. කෙසේ වෙතත් මේ වනතෙක් කොට්ඨාශ සීමානීර්ණය පිළිබඳ අභියාචන විමර්ශන වාර්තාව, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතාට බාරදී නොමැත.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment