බුදුරුව සහිත අත්වැසුම් හා ඒප්‍රන් තොගයක් වටලයි 

බුදුරුව සහිත අත්වැසුම් හා ඒප්‍රන් තොගයක් වටලයි 

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව හරහා ස්ලෝවේනියාවට යැවීමට සූදානම් කර තිබූ බුදු රුව සහිත අත්වැසුම් 5424ක් අත්අඩංගුවට ගැනිමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබේ. 

කොළඹ පිහිටි ප්‍රධාන රේගු කාර්යාලයේදි මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ. අත්වැසුම් හය බැගින් වූ කාටූන් 904ක් සොයාගෙන තිබේ. 

මෙම භාණ්ඩ ශාන්ත ජෝන් ආර්ක් නැවෙන් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව ඔස්සේ ස්ලෝවේනියාවට යැවීමට සැලසුම් කර තිබී ඇත.

අන්තර්ජාතික රේගු නීතිය අනුව ආගමකට අපහාස වන භාණ්ඩ වෙළඳාම් කිරීම තහනම් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා පැවසී ය.

මීට වසර දෙකකට පෙර දකුණු අතේ බුද්ධ රූපය පච්චයක් ලෙස කොටා සිටි විදේශික හෙදියක් පිටුවහල් කිරීමට රජය පියවර ගත්තේය.

2004දී බුද්ධ රුව සහිත කාන්තා යට ඇඳුම් ඉවත් කරගන්නා ලෙස රජය වික්ටෝරියාස් සීක්‍රට් ආයතනයට දැනුම් දුන්නේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment