අතුරුගිරියේ ධම්ම සුජාතා මෑණියන් කතා කරයි


අතුරුගිරියේ ධම්ම සුජාතා මෑණියන්
කතා කරයි


අතුරුගිරියේ ධම්ම සුජාතා තෙරණිය නමින් පැවිදි දිවියට ඇතුලත්වූ සුන්දර තරුණිය ගැන විවිධ පුවත් පසුගිය කාලයේ මාධ්‍ය ඔස්සේ පළවිය. ඇය ඒවා ගැන දැන තිබුණ නමුත් තමා ගැන පළවූ ආරංචි වලට ඒ දිනවල ප්‍රතිචාර දක්වන්නට ඇයට උනන්දුවක් නොතිබිණි. ඇය දැන් සිටින්නේ වෙනත් අරමුණකය.
කෙසේ වෙතත් පසුගිය දිනෙක  මාධ්‍ය වෙත කෙටි අදහසක්
පළකරන්නට ඇය ඉදිරිපත්ව තිබුණි.
පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සිටින ඇය ඉගෙනුම ලැබුවේ කොළඹ මියුසියස්‌ විද්‍යාලයේය. ගීතයට, නර්තනයට, මෙන්ම බෙර සහ ගිටාර් වාදනය සඳහා සමත්කම් දක්වන්නියක ලෙසද ප්‍රකටව සිටි ඇය උසස්‌පෙළ හොඳින් සමත් වී, සරසවි අධ්‍යාපනයද ලබා රැකියාවට ගියේ මාස්‌හෝල්ඩිංග්ස්‌ ආයතනයටය.
සාමාන්‍ය තරුණියකගේ ජීවිතයට වඩා වෙනස් ලෙසකට ගමන් කළ ඇය උතුම් බුද්ධ දියණියක බවට පත්වූයේ අතුරුගිරියේ ධම්ම සුජාතා මෑණියන් වෙමිනි.
අන්තර්ජාලයේ සහ මාධ්‍යයේ ඔබවහන්සේ ගැන තොරතුරු පළවෙලා තිබුණා. ඒ විස්‌තර ඔබ වහන්සේ දැක්‌කාද... ?
ඒ ගැන මට ගෙදරින් කිව්වා. මම ඒක දැක්‌කේ නැහැ. මම ඒකෙන් කැලැඹීමක්‌ වුණේ නැහැ. එයින් සමාජයට හොදක්‌ වුණා නම් මට පිනක්‌ අයිති වෙයි කියලා හිතුණා.

කෙස්‌ කළඹ මුළුමනින්ම කපා දමනවා කියන එක ලෙහෙසි කාර්යයක්‌ නෙමෙයි. මේ අත්හැරීම සංසාර පුරුද්දකට පමණක්‌ ලඝූ කරන්න පුළුවන්ද... ?

මට ඒක ප්‍රශ්නයක්‌ වුණේ නැහැ. මේ සියල්ල තීරණය වන්නේ ඒ දේට ලබා දෙන වටිනාකම් අනුවයි. සමහර අය ඇඳුම්වලට, රූපයට, කොණ්‌ඩයට වටිනාකම් දෙනවා වෙන්න පුළුවන්. ඒ දේවල් අනුව තමයි, සමාජය හා වැඩිම එකිනෙකා ඒ දේවල් ගැන තීරණය කරන්නේ. ගැහැනු ළමයි කොණ්‌ඩයට තමයි වටිනාකම දෙන්නේ. නමුත් ඒ වටිනාකම් අභිබවා යන සුවයක්‌ සතුටක්‌ ගැන හිතන කොට කොණ්‌ඩය කියන දේ තියෙන වටිනාකම මොකක්‌ද...? හිස්‌ කබලේ ආරක්‌ෂාවට තියෙන දෙයක්‌ කියලයි හිතෙන්නේ.''

ඔබ වහන්සේගේ ගිහි කාලයේ සුන්දර රූපය ගැන තමයි බොහෝ දෙනා මවිතය පළකර තිබුණේ... මෙච්චර ලස්‌සන ගැහැනු ළමයෙක්‌ ඇයි මහණ වුණේ කියලා සමාජයේ කතාබහක්‌ ඇතිවුණා...?
ලස්‌සන සහ කැත කියන දේ තීරණය වෙන්නේ බලන කෙනා අනුවනේ... ලස්‌සන කියන එක පිටිපස්‌සේ තියෙන දේ සහ ලස්‌සන කෙනෙක්‌ මහණ වුණා කියන කොට ඒගැන හිතන්න ඕනේ ධර්මානුකුලව. ලස්‌සන ගැන අවධානය යොමු කරනවාට වඩා මහණකම පිළිබඳව සමාජයේ අවධානය යොමු වෙනවානම් තමයි වැදගත් වන්නේ.

ඇය කථා කළේ එපමණකි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. වැඩක් නැතුවම කුණු රසය හොයන මාධ්‍යවේදී කසල ශෝධකයනි. මේ මෑණියන් වහන්සේට ඉන්න දීපල්ලා.

    ReplyDelete