බලහත්කාරයෙන් පාරේ ඉඩ ඉල්ලා යන ප්‍රභූ රථ පෙළ අල්ලන්න ජනපති නියෝග

බලහත්කාරයෙන් පාරේ ඉඩ ඉල්ලා යන 
ප්‍රභූ රථ පේළි අල්ලන්න ජනපති නියෝග


පසුගිය රජය සමයේ වැඩි වශයෙන්ද වත්මන් රජය සමයේ අඩු වශයෙන්ද මහාමාර්ගවල විනයක් නැතිව චණ්ඩින් සේ ගමන් කරන ඇමති වාහන පෙළවල් දක්නට ලැබේ.
දවල් කාලයේ අසාමාන්‍ය ලෙස ඉදිරිපස ලාම්පු දල්වන ලද ඩි‍ෆෙන්ඩර් රථයක් බොහෝ අවස්ථාවල මෙම රථ පෙළේ ආරම්භය සනිටුහන් කරන අතර එම දැල්වීම මගින් කියන්නේ ‘අපට කාලය නාස්ති කර කර ඉන්න බෑ  වැඩ තියනවා
ඉක්මණට ඉඩ දෙන්න‘ කියාය.
වාහනවල විදුලි පහන් දල්වාගෙන වාහන හත අටක් මාර්ගයේ එකට ගමන් ගන්නා අවස්ථාවලදී අවට ගමන් කරන ගිලන් රථ පවා ඊට ඉඩ දිය යුතුවන අතර නැතිනම් එක්කෝ හප්පා යෑම් හෝ කුණු බැනුම් ඇසීම අනිවාර්ය සාධකයක්වී තිබේ.
එම වාහන ගමන් කරන අවස්ථාවල

පාරේ ගමන් කරන හදිසිය ඇති එකම පිරිස ඔවුන් යයි ඔවුන්ම සිතා සිටින සෙයක් දිස්වේ.
එ් ආකාරයට වාහන ගමන් කරන අවස්තා දැකගතහොත් ඒවා නවතා ඒවායේ යන්නේ කවුදැයි සොයා බලා තමා වෙත වාර්තාවක් ලබා දෙන ලෙස ‍පොලිස්පතිවරයාට
උපදෙස් ලබා දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැති මාර්ග ආරක්ෂණ සතියේ සමාරම්භක උළෙලට එක්වෙමිනි.
ඇමැතිවරුන් ගමන් ගන්නා විට ඔහුගේ ආරක්ෂාවට එක රථයක් පමණක් ප්‍රමාණවත් බව මෙවර කැබිනට් හමුවේදී ඇමැතිවරුන් ප්‍රකාශ කළ බව සඳහන් කළ ජනාධිපතිවරයා මේ අයුරින් යන්නේ කැබිනට් ඇමැතිවරුද නියෝජ්‍ය ඇමැතිවරුද මහ ඇමැතිවරුද පළාත් ඇමැතිවරුද ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ද එසේ නැතිනම්
අපරාධකරුවන්දැයි කියා සොයා බැලිය යුතු බව කියා තිබුණි.
විදුලි පහන් දල්වාගෙන එසේ වාහන එන විට ‍ මේ යන්නේ වී.වී.අයි.පී හෝ වී.අයි.පි. ප්‍රභූන් යැයි ‍පොලිසිය විශ්වාස කර පොලිසිය කිසිදු ක%ියාමාර්ගයක් නොගන්නා බවද ජනපති කියා සිටියා.
ඒ නිසා වහාම එම වාහන පරීක්ෂා කොට එහි යන්නේ කවුදැයි කියා සොයා බැලීමට පියවර ගන්නා ලෙසත් එසේ සොයා බලා සතියකට වරක් තමාට වාර්තාවක් ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා දන්වා ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment