උණ රෝහල ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එකාබද්ධ කෙරේ

උණ රෝහල ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එකාබද්ධ කෙරේ
අයි.ඩි.එච් උණ රෝහල ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එකාබද්ධ ආයතනයක් ලෙස සංවර්ධනය කරන බව සෞඛ්‍ය, සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. 
අයි.ඩි.එච් උණ රෝහලේ ක්ෂද්‍ර ජීවි අංශයේ විශේෂ රසායනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේය. 
 
අයි.ඩි.එච් උණ රෝහල බෝවන රෝග පාලනය කිරීමේ මධ්‍යස්ථානය ලෙස  නම් කර ඇති අතර රෝහලට අවශ්‍ය රසායනාගාර පහසුකම් රැසක් මේ වනවිට ලබා දී අවසන්ය.
 
බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ පවතින සියලු පහසුකම් මෙම රෝහල සතුවන අතර, සියලු පරික්ෂණ මෙහිදී සිදු කර ගැනීමට රෝගීන්ට අවවස්ථාව උදාවී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා පැවසීය.
 
රෝහලට ඇතුළත් වන සියලු රෝගීන් සුවපත් වීමේ රහසක් මෙම රෝහල සතු වන බවත් රෝගී සත්කාරක සේවා විධිමත්ව කැපවීමෙන් සිදු කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය එක්වී සිටින අතර ම බෝවන රෝග මැඩලීම සඳහා මෙම රෝහල සංවර්ධනය කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
 
 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment