ධීවර සංස්ථාවේ නව අලෙවි මධ්‍යස්ථාන 50ක්

ධීවර සංස්ථාවේ නව අලෙවි මධ්‍යස්ථාන 50ක්
ලබන වසරේදී ලංකා ධීවර සංස්ථාවේ නව අලෙවි මධ්‍යස්ථාන 50ක් ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
 
ඒ අනුව ධීවර සංස්ථාවේ නව අලෙවි මධ්‍යස්ථාන 12ක් මේ වසරේ ස්ථාපිත කිරීමට නියමිතයි.
 
මෙතෙක් පාඩු ලබන රාජ්‍ය ආයතනයක්ව පැවති ලංකා ධීවර සංස්ථාව නව පාලනාධිකාරිය සහ කළමනාකරණය හේතුවෙන් මේ වන විට ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
 
ලබන වසරේදී ලංකා ධීවර සංස්ථාව රුපියල් මිලියන 500ක ආදායම් ඉලක්කයක් සපුරාගැනීමට සැළසුම් කර ඇති බවද මහින්ද අමරවීර අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment