ඩීඑස් එකේ සාමාන්‍ය පෙළ සිසුවෙකුට විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න පහරදීලලු නෑලු


ඩීඑස් එකේ සාමාන්‍ය පෙළ සිසුවෙකුට
විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න පහරදීලලු නෑලු


අවසන් යුද සටනට දැක්වූ දායකත්වය පදනම් කරගෙන 'රණබිම ඔස්සේ නන්දිකඩාල්' නම් කෘතිය ලියා පසුගිය කාලයේ වඩාත් ප්‍රකට චරිතයක් බවට පත්වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පාසල් සිසුවෙකුට තර්ජනය කර පහරදුන් බවට ආරංචියක් පසුගිය සතියේ ප්‍රචාරය වී තිබේ. ඒ ගැන සිසුවෙකු පුවත්පතකට සාක්ෂි සපයා ඇති
නමුත් විශ්‍රාමික මේජර් ජනරාල්වරයා එය අසත්‍යයක් යයි දන්වා ඇත.
මේ කතාව පැතිරුනේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ සාමාන්‍ය පෙළ සිසුවෙකුගේ පුද්ගලික ප්‍රශ්නයක් මුල්කරගෙනය. දෙසැම්බර් 14 වනදා සාමාන්‍ය පෙළ විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ලියා සිය පාසල අසල විවේකීව සිටි බව කියන මෙම සිසුවා අසලට විශ්‍රාමික මේජරඒ ජනරාල්වරයා පැමිණ සිසුවාගේ කමිසයෙන් ඇද පහරදීමට උත්සාහ කර තර්ජනය කර ඇතැයි  එම සිසුවා සතිඅන්ත 'රාවය' පුවත්පතට සාක්ෂි ලබාදෙමින් පවසා ඇත.
මීට සති කිහිපයකට පෙර තමන්ගේ මිතුරු කණ්ඩායම සහ තවත් කණ්ඩායමක් අතර ගැටුමක් හට ගත් බවත් පසුව
එම කණ්ඩායමේ සිසුවකු තමන්ට විරුද්ධව පොලීසියේ පැමිණිලි කර තිබූ ගැටලුවට ප්‍රතිපාහාර ලෙස මෙම තර්ජනය කරන්නට ඇති බව සිසුවා කියා ඇත.
තමා සමගගැටුම ඇතිකරගත් සිසුවා කමල් ගුණරත්න මහතාගේ ඥාති පුත්‍රයකු බවත් ඒ අනුව විභාගය අවසානයේදී විශ්‍රාමික මේජර් ජනරාල්වරයා තමා මුණගැසෙන්නට බලා සිට පාසල ඉදිරියේදී තමන්ගේ පාසල් නිල ඇඳුමේ කමිසයෙන් ඇද තර්ජනය කර ඇති බවත් එම සිසුවා පුවත්පතට පවසා ඇත.

කෙසේ වෙතත් 'රාවය' ප්‍රවත්පත සමඟ අදහස් දැක් වූ පාසලේ ආදි ශිෂ්‍යයකු පවසා ඇත්තේ, මෙම සිදුවීම ගැන පාසල තුළද කතාබහක් ඇතිවූ බවකි. කෙසේ නමුත් සිද්ධිය සම්බන්ධයෙන් පාසල නිල වශයෙන් ක්‍රියාමාර්ගයක් නොගන්නා බවද ඔහු දන්වා ඇත.
ලංකා ගුරු සංගමය සිසුවාට වූ තර්ජනය ගැන උනන්දුවෙන් කටයුතු කරන අතර විභාගය අවසන්වූ වහාම ඔහු සමඟ පොලීසියට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ගොස් පැමිණිල්ලක් කරන බව දන්වා ඇත.
මේ ගැන මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගෙන් මාධ්‍ය කළ විමසීමකදී මෙසේ කියා ඇත.

''මගේ නැණන්ඩියගේ පුතා මෙවර සාමාන්‍ය පෙළට ඔය කියන පාසලෙන් පෙනී සිටින කතාව ඇත්ත.. ඔහුට පාසලේ තවත් ළමුන් පිරිසක් බලෙන් මුදල් ඉල්ලමින් පහරදී තිබෙන බව ආරංචියි. ඔහුගේ දෙමවුපියන් ඒ පිළිබඳව කුරුදුවත්ත පොලිසියේ පැමිණිලිකොට තිබෙනවා. ඒ හැර මම කාටවත් පහර දුන්නේ නැහැ.මම කිසිදිනක දරුවකුට පහර දී නැහැ, මම යුධ හමුදාවේ සිටියදී සොල්දාදුවෙකුට හෝ පහර දී නැහැ. මට ලැබී තිබෙන තොරතුරු නිවරද නම් ඔය කියන දිනයේ මම විදේශගතවයි සිටියේ'”

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment