ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිලධාරීන් 500 කට විශේෂ වැඩමුළුවක්

ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිලධාරීන් 500 කට විශේෂ වැඩමුළුවක්
ක්‍රීඩා සේවයේ නියුතු නිලධාරීන්ගේ කුසලතා සහ ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩමුළුවක් දෙසැම්බර් මස 18,19 යන දෙදින සහ 20,21 යන දෙදින තුළදී කණ්ඩායම් දෙකක් වශයෙන් පෙ.ව.8.30 සිට කටුකුරුන්ද පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ කාර්ය බලකා පුහුණු මධ්‍යස්ථානයේදී  පැවැත්වේ.
‍දෙසැ. 19 හා 21 යන දෙදින කණ්ඩායම් දෙකෙහි පෙ.ව.11.30 සිට පැවැත්වෙන සමාප්ති උළෙල සදහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගී වීමට නියමිතය.
 
ක්‍රීඩා සේවයේ නිලධාරීන් 500 දෙනෙකු සහභාගීවීමට නියමිත මෙම වැඩමුළුව පවත්වනු ලබන්නේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති හා ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවන් විසිනි.
 
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ උපදෙස් පරිදි පැවැත්වෙන මෙම වැඩ මුළුව සඳහා ක්‍රීඩා අධ්‍යක්ෂවරුන්, ක්‍රීඩා නිලධාරීන්, පුහුණුකරුවන් ඇතුලු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇති සියලුම නිලධාරීන් මේ සදහා සහභාගී වීමට නියමිතය.
 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment