චාවකච්චේරියේ බස් වෑන් අනතුරින් 10 දෙනෙකුගේ දිවි අහිමි වේ

http://ift.tt/2hSkdJJ



යාපන චාවකච්චේරියේ බස් වෑන් අනතුරින්
නාගදීපෙ වන්දනාවේ ගිය හලාවත නඩයේ

10 දෙනෙකුගේ දිවි අහිමි වේ
2 කට බරපතලයි 21 කට තුවාල


අද දහවල් 1 ට පමණ යාපනය චාවකච්චේරි -මිසාලෙයි ප්‍රදේශයේ සිදුවූ බස් වෑන් මාරක රිය අනතුරකින් ජීවිත 10 ක් අහිමිව 21 දෙනෙකු තුවාල ලැබුවා. මිය ගිය 10 දෙනාම නාගදීපයේ වන්දනා ගමන් චාරිකාවක නිරතවී සිටි මෙම වෑන් රථයේ ගමන් ගත් පිරිසවීම විශේෂිතය. ඔවුන් හලාවත මාදම්පේ ප්‍රදේශයේ
පදිංචිකරුවන් බවද වාර්තා වුණි.

වෑන් රථය පැදවූ පුද්ගලයාට නින්දයාම හෝ වෙනත් හේතුවක් මත පාරේ අනෙක් පැත්තට වෑන් රථය හරවා තිබුණ අතර වේගයෙන් පැමිණි යාපනය-වව්නියා ලංගම බස් රථයට මුහුණට මුහුණලා හැපීම නිසා මෙම අනතුර සිදුව ඇත. බස් රථය හා හැපුණ වේගයට වෑන් රථය කුඩු පට්ටම්වී එහි ඉදිරිපස සිට පසුපසට අඩක් පමණ ඇතුළට කිඳා බැස තෙරපීගොස් තිබී ඇත.

වෑන් රථයේ ගමන් කළ සියල්ලන්ම මේ නිසා සිරවී බරපතල තුවාල ලැබූ අතර 10 දෙනෙකු මියගියා.

අනතුරින් තුවාල ලද පිරිස් හා මෘත ශරීර ඉවතට ගන්නට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවූ බවද වාර්තා විය. බරපතල තුවාල ලැබූ තවත් දෙදෙනෙකු යාපනය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර තුවාල ලද බස් රථයේ ගමන් කළ අය ඇතුළු තවත් 21 දෙනෙකු එම රෝහලේම ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.‍










Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment