බැන්කි මූන් දකුණු කොරියාවේ ජනපති සටනට


තව දින කිහිපයකින් සේවා කාලය හමාර කරන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කි-මූන් ඔහුගේ උපන් රට වන දකුණු කොරියානු ජනාධිපතිවරණය සඳහා තරග වදිනු ඇතැයි සිය සමුගැනීමේ කතාවේදී ඉඟියක්
සපයා ඇති බව බීබීසී ලෝක සේවාව වාර්තා කරයි.
මේ වනවිට දකුණු කොරියානු  වත්මන් ජනාධිපතිනි පාර්ක් ගුවෙන් හයි හට දූෂණ චෝදනා එල්ලවීමෙන් පසු ඇය සම්බන්ධව දෝෂාභියෝගයක් ලැබී පරාජයට පත්ව තිබේ.

ඒ නිසා ඊළඟ ජනාධිපතිවරණය 2017 දෙසැම්බර් මසටත් පෙර පවත්වන්නට ඉඩ තිබෙන අතර මෙවැනි අවස්ථාවක බැන්කිමූන් ලෝකයේ පිළිගැනීම සමග හොඳ තරගරුවෙකු ලෙස ජනපතිවරණයට ඉදිරිපත්වන්නට අවස්තාව ඇති බව දේශපාලන විචාරක මතයයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලෙස සිය අවසන් මාධ්‍ය හවුමට එක්වෙමින් මූන් පවසා ඇත්තේ කෙටි විවේක කාලයකින් පසුව යළි දකුණු කොරියාවට යන බවත්, එහිදී තම රටට සේවය කළ හැකි හොඳම ආකාරය පිළිබඳ අවධානය යොමුකරන බවත්ය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment