චිත්‍රපට ප්‍රචාරණය පිණිස පූජා උමශංකර් විවාහවූ බවට කතාවක්


ප්‍රකට සිනමා නිළි පූජා උමශංකර් මේ දිනවල රඟපාන චිත්‍රපටයක ප්‍රචාරණ අවශ්‍යතාව පිණිස ඇය විවාහ
දිවියට පිවිසි බවට කටකතාවක් පතුරා ඇත.
ඇය ව්‍යාපාරිකයෙකු සමග ගල්කිස්සේදී අද 17 විවාහවූ බවට පතල කරන ලද එම පුවත මගින් ඇය කෙරෙහි අවධානය දිනාගැනීමත් එම අවධානයේ වාසිය චිත්‍රපටයේ ප්‍රචාරණයට වාසි පිණිස යොදාගැනීමත් මෙම පුවතෙහි අරමුණයි.

මින් දින කිහිපයකට ඉහත ඇයගේ ෆේස් බුක් ගිණුමේ ඇය මියගිය බවට සටහනක් වැටුණ බවටද මේ ආකාරයටම ප්‍රචාරයක් දියත් කර පසුව එය යාළුවො කරපු ‘විහිළුවක්‘ ලෙස ඇය විසින්ම අර්ථ දක්වා තිබුණි.
පූජා 2014දී දීපක් ෂම්මුගම් නමැති මෝස්තර නිරූපණ ශිල්පියෙකු හා පෙම් සපඳතාවයක් පවත්වා විවාහ ගිවිසගත් නමුත් අදහස් නොගැළපුනි යන්න දක්වා එය මාස කිහිපයකින් අතහැර දමා තවම තනිකඩව සිටින්නියකි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment