ලෝකයේ දැවැන්තම ක්‍රීඩා සංකීර්ණයක් හෝමාගමට

ලෝකයේ දැවැන්තම ක්‍රීඩා සංකීර්ණයක් හෝමාගමට

හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය තවත් වසර දෙකක් ඇතුළත සම්පූර්ණයෙන්ම සංවර්ධනය කරමින් එය ලෝකයේ දැවැන්තම ක්‍රීඩා සංකීර්ණයක් බවට පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද(05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ක්‍රීඩා අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. 

එම ක්‍රීඩා සංකීර්ණය දියුණු කිරීමෙන් පසුව සියලුම ජාතික ක්‍රීඩා සංචිත පුහුණු කිරීමේ ස්ථානයක් බවට එය පත්කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පළාත් ක්‍රීඩාංගණ වල කෘතිම ධාවන පථ ඉදිකරන බවත් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ ධාවන පථය මාස දෙකක පමණ කාලයකදී සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ක්‍රීඩකයන් වෙනුවෙන් ලබන වසරේදී රක්ෂණ ක්‍රමයක් ආරම්භ කරන බවත් පසුගිය වසරට සාපෙක්ෂව මෙවර අයවැයෙන් වැඩි මුදලක් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසී ය.

ශීත කාලගුණයේ ක්‍රීඩකයන් පුහුණුවිය හැකි අධි උන්නතාංශක පුහුණු මධ්‍යස්ථානයක් නුවරඑළියේ ඉදිකරන බවත් එය ආසියාවේ දෙවැනි විශාලම ක්‍රීඩා මධ්‍යස්ථානය වෙනු ඇති බවත් ලබන ජනවාරි මාසයේදී ඉදිකිරිම් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසී ය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment