සංවර්ධන පනතට පළාත් සභාවල අකමැත්තක් ?

සංවර්ධන පනතට පළාත් සභාවල අකමැත්තක් ?
දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ විමධ්‍යගත කරනු ලැබූ පළාත් සභාවල බලතල නැවත වතාවක් තනි පුද්ගලයකු වටා කේන්ද්‍රගතවනවා නම් එය එතරම් සුදුසු දෙයක් නොවන බව තම පුද්ගලික මතය බව දකුණු පළාත් ප්‍රධාන ඇමති ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.
 
පළාත් සභාවල එකඟතාවය ලබා ගැනිම සදහා යොමුකොට ඇති සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබද ඊයේ (19) අපි කළ විමසුමකදි ප්‍රධාන ඇමතිවරයා මේ බව සදහන් කළේය. 
"පළාත් සභා සතු බලතලවලට හානියක් සිදුකරණ බලතල අඩුකරණ කිසිදු ක්‍රියාමාර්ගයකට මගේ පුද්ගලික එකඟතාවයක් නැහැ. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් තමයි පළාත් සභා බලතල විමධ්‍යගත කිරිමේ සංකල්පය මත පළාත් සභා ස්ථාපිත කරලා තියෙන්නේ..ඒ නිසා මෙම බලතල වලට හානි කරණ දෙයකට එකගවන්න පුළුවන් කමන් නැහැ. මෙරටට පළාත් සභා හදුන්වා දිලා පළාත් සභා බලතල විමධ්‍යගත කිරිමේ සංකල්පය මුලින්ම ඉදිරිපත් කළේ එවකට බලයේ හිටපු එජාප නායකයා වන ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිතුමා. එදා හිටපු යු.එන්.පි නායකයා හදුන්වා දුන් ඒ වැඩපිළිවෙළ අද දවසේ එයට පරිබාහිරව ඉටු කිරිමට එජාපයේ කිසිදු අයකුට සදාචාරත්මක අයිතියක් ඇතැයි කියා මා විශ්වාස කරන්නේ නැහැ..පළාත් සභාවල එකඟතාවය ගන්න සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත යොමුකරලා තියෙනවා. දකුණු පළාත් සභාවටත් එම පනතේ පනත් කෙටුම්පතක් ලැබුණා. මගේ මතය ප්‍රකාශ කරන්න කලින් මගේ වගකිමක් තියෙනවා. මේ පිළිබද පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කරන්න. දෙවනුව පළාත් සභාවේ දෙපාර්ශවයේම මන්ත්‍රිවරුන් සමග කථා කරන්න. එමෙන්ම අනිකුත් පළාත් සබාවන් මේ පනත් කෙටුම්පත පිළිබද අනුගමනය කරන ක්‍රම වේදය පිළිබදවත් අවධානය යොමුකරන්න වෙනවා. ඊට පසු තමයි අපට පුළුවන් මේ ගැන දකුණු පළාත් සභාවේ නිල මතය දන්වලා යවන්න " යැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.
 
පළාත් සභාව දරණ මතය පිළිබඳ නිළ ප්‍රකාශයක් කිරිමට නොහැකි බවද ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කළේය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment