උසාවි නියෝගයත් නොතකා ගුවන්තොටුපොල බලධාරින් ටෙන්ඩර් මගඩියක

උසාවි නියෝගයත් නොතකා ගුවන්තොටුපොල බලධාරින් ටෙන්ඩර් මගඩියක

ගුවන්තොටුපළින් ලංකාවට පැමිණෙන විදේශිකයන්ට සේවා හා පහසුකම් සැළසීම සඳහා පවත්වාගෙන යන සංචාරක සේවා කවුන්ටර සඳහා වාර්ෂිකව කෙරෙන ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් හටගත් අර්බුධය තවමත් නිමවී නොමැති බව වාර්තා වේ.

වර්ෂ 2016 සඳහා සංචාරක සේවා කවුළු ලබා දීමට ටෙන්ඩර්පත් 2015.12.30 වන දින විවෘත කළ අතර ටෙන්ඩරය මත උපරිම ලන්සුවක්‌ ඉදිරිපත් කළ ආයතන සමග නව සේවා ගිවිසුම් ඇති කර ගැනීම මේ වන විටත් පැහැර හැර ඇති බව ආරංචි මාර්ග පවසයි.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමසිරි මහතා 2016.04.28 ලිපියක්‌ නිකුත් කරමින් තේරී පත්ව ඇති ආයතන ලැයිස්‌තුවක්‌ ඉදිරිපත් කළ අතර එම ලැයිස්‌තුවට අනුව අංක 1 කවුළුව ගුවන්තොටුපල සංචාරක රියැදුරු සංගමයට ද, අංක 2 කවුළුව අබාන්ස්‌ ටුවර්ස්‌ නම් සමාගමකට ද, අංක 3 කවුළුව ආයුබෝවන් ටුවර්ස්‌ ඇන්ඩ් ට්‍රැවල්ස්‌ නම් සමාගමකටද, අංක 4 කවුළුව ලංකා ට්‍රැවල් ඒජන්ට්‌ස්‌ ඇසෝෂියේෂන් නම් සමාගමකට ද, අංක 5 කවුළුව කාසන්ස්‌ ට්‍රැවල් නම් සමාගමකටද, කවුලු අංක 6 කවුළුව ඡේ.එන්.ඩබ්ලියු. ලංකා ටුවර්ස්‌ නම් සමාගමකට ද හිමි විය.

මේ අතර අදාළ බදු කාලය නිමා වූ පසුත් අදාළ කවුළු පවත්වාගෙන යන ආයතන මාසික කුලිය ලෙස රුපියල් 3336546.26 ක් ගෙවන අතර නව බදු ගිවිසුම්ගත ආයතන විසින් සමාගමට මාසිකව ගෙවීමට එකඟවී ඇති කුලිය රුපියල් 8647984.00ක් වේ. 

ඒ අනුව මේ බදු ගිවිසුම ප්‍රමාද කිරීම නිසා මාසිකව අහිමි වන මුදල රුපියල් 5311437.74 ක්‌ බවයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අධිකරණය පසුගිය මස තීන්දුවක් දෙමින් සඳහන් කළේ ටෙන්ඩර් අනුව කටයුතු කරන ලෙසයි.

මේ සම්බන්ධයෙන් අධිකරණ උපදෙස් මත කටයුතු නොකිරීම නිසා අමාත්‍යංශ ලේකම්වරයාව හෙට (19) දිනයේ දැනුවත් කරන බව එම ආයතන වෙනුවෙන් ආයුබෝවන් ටුවර්ස්‌ ඇන්ඩ් ට්‍රැවල්ස්‌ නම් සමාගම නියෝජනය කරන මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම අමාත්‍යවරයා දැනුවත් කර නීතිය ක්‍රියාත්මක නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටින බව ඔහු පැවසී ය.

එම ලිපිය පහතින්,

15589689_10154796703772973_5753860530482054204_n

15578834_10154796699402973_6671215594786390875_n

15541644_10154796698282973_6498939877536584614_n

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment