විදුලි බස් සේවාවක් ළගදීම

විදුලි බස් සේවාවක් ළගදීම
විදුලියෙන් ධාවනය වන (ඉලෙක්ට්‍රික්) බස් රථ සේවාවක් ලබන වසර මුල ආරම්භ කිරීමට කටයුතු යොදන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගෙ සංගමය පවසයි.
 
ලංගමය හා පෞද්ගලික බස් හිමියන් එකතුවී මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබේ.
 
සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසුවේ ලංගමය තුළින් බස් රථ 500කුත්, පෞද්ගලික අංශයෙන් බස් රථ 500කුත් මුල් අදියරේදී ධාවනයේ යෙදවීමට නියමිත බවයි.
 
මෙහිදී නව මාර්ග බලපත්‍ර ලබාදීමක් සිදු නොකර බලපත්‍ර හිමි පුද්ගලයෙකු හරහා බස් රථ ලබාගැනීමට රජය තීරණය කර තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment