තාත්තට එහෙමට අමාරුවක් නෑ - කවුද මේ ෆොටෝ දැම්මේ - විදුර වික්‍රමනායක


රෝහල්ගතව සිටින හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාට සුවය ලබා දින කිහිපයක් රෝහලෙන්
නික්ම යෑමට හැකි බව වෛද්‍යවරු
ප්‍රකාශ කර තිබියදී හිටපු අගමැතිවරයාගේ ඡායාරූප මාධ්‍යට මුදාහැර පළ කිරීමෙන් තමන් ඇතුළු පවුලේ අයත්, එතුමාගේ හිතවතුන් දැඩි මානසික අපහසුතාවකට ලක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක පවසයි.

විවිධ තරාතිරමේ අය එතුමන්ව බැලීමට රෝහලට පැමිණි බවත් හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා එතුමා බැලීමට ගොස් ඒ අවස්ථාවේ ලබාගත් ඡායාරූප මාධ්‍යට නිකුත් කිරීමෙන් පසු එතුමන්ට ආදරය කරන විශාල පිරිසක් තොරතුරු විමසීමට පටන් ගැනීම නිසා තමාත් තම පවුලේ අයත් මහත් අපහසුතාවට පත්වූ බවද වික්‍රමනායක මහතා සඳහන් කරයි.

එය අප කාගේත් සිත් රිදවන ක්‍රියාවක් බව සඳහන් කළ විදුර වික්‍රමනායක මහතා රෝගීව සිටින අයකු කිසිදු අවසරයකින් තොරව ඡායාරූප ගැනීමත් ඒවා මාධ්‍යට නිකුත් කිරීමත් සදාචාර විරෝධී ක්‍රියාවක් යැයි හොරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ ඊයේ (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී අවධාරණය කළේය.

(ඉංගිරිය - එස්. ඩී. සේන)
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment