ජනපති තමිල්නාඩුවට ශෝකය පළකරයි

ජනපති තමිල්නාඩුවට ශෝකය පළකරයි

තමිල්නාඩු හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

තම ට්විටර් පණිවිඩයෙන් ජනපතිවරයා සඳහන් කරන්නේ තමිල්නාඩු මහ ඇමතිනිය ජනතාවගේ ආදරය දිනාගත් නායිකාවක බවයි.

ඇයගේ ආදරණීයන්ට හා තමිල්නාඩු ජනතාවට ඇයගේ අභාවය වෙනුවෙන් සොව ප්‍රකාශ කරන බවත් ජනපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.

එම ටිවිටර් පණිවිඩය පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment