EPDP සාමාජිකයින් 3කට මරණ දණ්ඩනය

EPDP සාමාජිකයින් 3කට මරණ දණ්ඩනය

යාපනෙය්දි දෙමළ ජාතික සන්ධානයේ අධාරකරුවන් දෙදෙනකු ඝාතනය කළ ඊ.පී.ඩී.පී. සංවිධානයේ නියෝජිතයින් 03 දෙනෙකුට යාපනය මහාධිකරණය විසින් ඊයේ (07) මරණ දඩුවම නියම කළේය.

2001 වසරේදී යාපනය නගරයේදී දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුවන් දෙදෙනෙකුට පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට යාපනය මහාධිකරණය විසින් මෙම දඬුවම ලබාදී ඇති බව වාර්තා වේ.

පසුගිය 2001 වර්ෂයේ නොවැම්බර් මස 28 වන දින කයිට්ස් ප්‍රදේශයේ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන රැස්වීමකට පැමිණි ඊ. පී. ඩී. පී. සාමාජිකයින් පිරිසක් සිදුකළ පහරදීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 18 දෙනෙකු තුවාල ලැබීය.

අදාළ පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකුට එරෙහිව යාපනය මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබූ අතර ඉන් දෙදෙනෙකු රටින් පළා ගොස් ඇති බව වාර්තා වේ.

අනෙක් සැකකරුවන් 04 දෙනාගෙන් එක් අයෙකු නිදහස ලැබූ අතර 03 දෙනෙකුට මෙලෙස මරණ දඬුවම හිමිව තිබේ.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා ප්‍රකාශ කළේ මියගිය පුද්ගලයින් දෙදෙනා වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වන්දියක් ද ගෙවන ලෙසයි.

දිනසේන රතුගමගේ

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment