ජනපති නියෝග නොතකා ප්‍රභූරථ තවමත් මහපාරේ! (PHOTOS)

ජනපති නියෝග නොතකා ප්‍රභූරථ තවමත් මහපාරේ! (PHOTOS)

යුද්ධයක් නොමැතිවීම හේතුවෙන් පරිවාරක රථ ඇතිව ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට ගමන් කිරීමට අවශ්‍යතාවක් නොමැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

එම ප්‍රභූ වාහනවල ප්‍රධාන විදුලි ලාම්පුව දල්වාගෙන ජනතාවට අවහිර වන අයුරින් මැතිඇමති වාහන ගමන් කිරීම අවශ්‍ය නොවන බව ද එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය. 

ඒ අතරම වාහන නීති හතක් සඳහා රුපියල් 25,000ක දඩයක්ද හඳුන්වාදීමට රජය කටයුතු කළේ මහා මාර්ග විනය ආරක්ෂා කරමින් අනතුරු වළක්වා ගැනීම සඳහාය. කෙසේ වෙතත් එදාමෙදා තුර රජයන් විසින් හඳුන්වා දෙන ලද නීතිරීති එම රජයන් නියෝජනය කරන මැතිඇමතිවරු විසින්ම බිඳ දමන අයුරු දක්නට ලැබිණි.

ප්‍රධාන ලාම්පු දල්වාගෙන, පරිවාර රථ තුන හතරක් සමග ඇමතිවරුන් ගමන් කරන විට ඔවුන් මාර්ග නීති පිළිබඳව කිසිදු තැකීමක් නොකරන අතර ඇතැම්විට ඒ හේතුවෙන් මාර්ග අනතුරුද ඇතිවෙයි. 

ජනාධිපතිවරයාද එවැනි ප්‍රකාශයක් සිදු කර ඇති අතරතුර ප්‍රභූ වාහන පෙලක් මාර්ග නීති නොතකා ගමන් ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප පෙලක් ෆේස්බුක් සමාජා ජාලයට එක් කර තිබිණි.

ගාල්ල - දික්වැල්ල මාර්ගයේ පසුගිය 13 වැනිදා ප්‍රභූවරයෙකු වාහන පෙළක් සමග ගමන්ගත් අයුරු මෙම ඡායාරූප පෙළෙහි දැක්වෙයි. මාර්ගයේ මැද සලකුණු කර ඇති ද්විත්ව ඉරිද නොතකමින් ඔවුන් වාහන ඉස්සර කරනු දැකගත හැකිවේ.

ජනපතිවරයා පැවසූ පරිදි මෙහි ගමන් කරන්නේ චොප්පෙද? මරු සිරාද? වෙලේ සුදාද? එහෙමත් නැතිනම් ආමි විමලෙද යන්න ගැටලුවකි. 

මේ එම අවස්ථාවේ ගමන්ගත් වාහනවල අංකය පහතින්,

KX-5292, CAD-0223, GC-9714, CAT-2929, KX-2389, CAJ-5292

එම ඡායාරූප පහතින්,

Image may contain: car, tree, sky and outdoor

Image may contain: car, tree and outdoor

Image may contain: tree, car, sky and outdoor

Image may contain: car, tree, sky and outdoor

Image may contain: 1 person, tree, car and outdoor

Image may contain: car and outdoor

Image may contain: car and outdoor

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. පොලීසියට කොන්දක් නැද්ද මුන්ව අල්ලන්න.

    ReplyDelete