නාවික හමුදාපති 'මරදානේ චොප්පේ' වගේ - දේශපාලන හස්තයක බලපෑමක් (VIDEO)   

නාවික හමුදාපති 'මරදානේ චොප්පේ' වගේ - දේශපාලන හස්තයක බලපෑමක් (VIDEO)   

ආගමික ඝට්ඨනයන් තාවකාලිකව බැහැර කර වරාය ඇතුළු ආර්ථික මර්මස්ථාන විකුණා දැමීමට එරෙහිව සියලු ජාතීන් එකට එක්විය යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පැවසුහ. 

සියලු දෙනා එකතු වී සිංහල බෞද්ධ සාටකය පොරව ගත් දේශපාලකයන් පෞද්ගලිකව හෝ හමුවී හෝ නිවාස වටලා හෝ මේ ආණ්ඩුවේ තුනෙන් දෙක නැති කළ යුතු බව කොළඹදී ඊයේ(14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

වරාය සිදුවීමේදී මාධ්‍යවේදියෙකුට පහරදීම පිටුපස සිටින දේශපාලන හස්තය පිළිබඳ සොය බැලිය යුතු බවත් නාවික හමුදාපතිවරයා මරදානේ චොප්පේ කෙනෙක් වගේ එතුමා වෙන රාජකාරියක් සිදු කරන බවත් ඒ පිටුපස ඇත්තේ දේශපාලන හස්තයක බලපෑමක් බවත් ඥාණසාර හිමියෝ පෙන්වා දුන්හ.

සරලව කිව්වොත් වෙනස මාරයි රට හමාරයි යැයි  ද උන්වහන්සේ සඳහන් කළහ.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment