පෙම බිඳුණ තරුණයකු විරහ ගී අසමින් ගෙල වැලලාගෙන


තම පෙම්වතිය ප්‍රේමයට පිටුපෑවැයි ශෝකයට පත් තරුණයකු විරහ ගී අසමින් ගෙල වැලලාගෙන මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ
ගම්පොළ පුස්සැල්ලාව නිව් මෙල්ෆට් වතු යායේ පදිංචිව සිටි 22 හැවිරිදි සිවලිංගම් දිව්‍යරාජන් නමැති තරුණයාය.
මව, පියා හා අනෙකුත් සහෝදරයන් ඥාති නිවෙසකට ගොස් ඇති අතර මොහු පමණක් තනිව නිවෙසේ සිට ඇත.
පසුදා උදෑසන පියා ඇතුළු පිරිස නිවෙසට පැමිණෙන විට මේ තරුණයා සාරියකින් නිවෙසේ වහලේ ලීයක එල්ලී මියගොස් සිටියදී සොයාගෙන ඇත.
මොහු සතු ගී එකතුවක් ඒ අවස්ථාවේත් වාදනය වෙමින් තිබී ඇති අතර රාත්‍රියේදී එම ගී අසමින්ම ගෙල වැලලාගෙන ඇති බව අනාවරණය වී තිබේ.

ගම්පොළ - මාධව බණ්ඩාර, පුස්සැල්ලාව - නිමල් කරුණාතිලක
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment