විජිත රෝහණ විජයමුණි අත්අඩංගුවට


විජිත රෝහණ විජයමුණි 
අත්අඩංගුවට

පසුගියදා ජනපති මෛත්‍රිපාල සිරිසේන මියයන බවට අසත්‍ය අනාවැකි පළ කළ ජ්‍යෝතීර්වේදී විජිත රෝහණ විජේමුණි අද (31) සවස අත්අඩංගුවට ගත් බව රහස් පොලිස් ආරංචි අනාවරණය කරයි.
ඔහු ජනපති මියයන බවට දින නියම කළේ පසුගිය 26 වනදාට වන අතර අද 31 වනවිටත්
ජනපති යහතින් සිටී. ඔහුගේ අනාවැකිය වැරදී එන බවට වැටහී අවසන් දිනවල ඔහු ග්‍රහයෙකු වක්‍රවූවායයි කියමින් ඔක්තෝබර් මාසයට මරණය කල් ගිය බවටද අනාවැකිය මාරු කළේය.
ජාතිවාදී සංවිධානයක හා ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනයට සෘජුව සම්බන්ධ බවට ප්‍රසිද්ධියේ අදහස් දක්වන විජිත රෝහණ විජේමුනි මහතා

දේශපාලන උවමනාවන්ට ප්‍රබන්ධාත්මකව අනාවැකි පළ කර එම විෂය හෑල්ලු කළ බවට වෘත්තීය ජ්‍යොතිෂ්‍ය වේදීන්ගේ චෝදනාවටද ලක්විය.

නැසීගිය ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට ලංකාවට පැමිණි අවස්ථාවේ නාවික හමුදා පෙරට්ටුව අතරතුරදී තුවක්කු බඳකින් රජීව් ගාන්ධිට පහරක් එල්ල කර ඒ දිනවල ජවිපෙ ඉන්දීය විරෝධය තුළ කැපී පෙනීමට උත්සාහ දැරූ විජිත රෝහණ අනතුරුව සිර අඩස්සියටද ලක් විය. පසුව සිරගෙදරදී ජ්‍යොතිෂ්‍ය පොත පත කියවා ජ්‍යොතිර්වේදය එක්තරා දුරකට හැදෑරූ ඔහු තමන්ව කැපී පෙනෙන ලෙස එම අනාවැකිද පෙරළිකාර සිදුවීම් සම්බන්ධ කරමින් පළ කළේය.

ඔහු පළ කරන ලද අනැවැකි රැසක් නිවැරදි වූ බවට ඔහුම පවසමින් අන්තර්ජාලයේ යූටියුබ් ඔස්සේ විවිධ ප්‍රකාශයන් සිදු කරමින් සිටි ඔහු ජනපති මියයන බවට සිදු කළ අනාවැකිය මුලසිටම ජ්‍යෙතිර්වේදී ප්‍රවීණයන් නම් කළේ සාදාචාර විරෝධී අනාවැකියක් ලෙසිනි.

සැබෑ ජ්‍යොතිෂ්‍යෙව්දීන් කෙනෙකුගේ මරණය කේන්දරයෙන් දුටුවත් ඔහු ඉදිරිපිට සෘජුව එය නොපවසන බව පැවසෙන අතර විශේෂයෙන්ම ජනපති කෙනෙකුගේ මරණයක් ගැන පුනපුනා කියමින් එය අපහාසාත්මක ස්වරූපයකින් ඔහු ඉදිරිපත් කළේ කිසිදු සැක බියකින් තොරවයි.
මහජනයා නොමග යවනසුළු වැරදි අනාවැකි පළ කර ජනපතිට අපහාසයක් සිදුකර කිසියම් පටු වාසියක් ලබාගැනීමට උත්සාහ දැරීම ඔහුගේ අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස පොලිසිය දන්වා ඇත. ඔහු හෙට අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment