ගෝඨාගේ දේශප්‍රේමිත්වය ඉදිරියේදී හෙළිවෙයි

ගෝඨාගේ දේශප්‍රේමිත්වය ඉදිරියේදී හෙළිවෙයි

මිග් ප්‍රහාරක යානා ගනුදෙනු පරික්ෂණ නිමවන විට හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ දේශප්‍රේමිත්වය පිළිබදව රටටම කරුණු දැනගැනීමට හැකි බවත් එවිට ජනතාවට දේශපාලන තත්ත්වය අවබෝධ කරගැනීමට හැකියාවක් ලැබෙන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.   

අමාත්‍යවරයා මේ බව පැවසූයේ පසුගියදා ගාල්ල උඩුගම මහ විද්‍යාලයේ දී පැවැති උත්සවයක් අමතමිනි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග ව්‍යාපාරික කටයුතු කළ ඇතැම් ව්‍යාපාරිකයින් සමග වත්මන් රජයේ ඇතැම් අමාත්‍යවරුන් ව්‍යාපාර කටයුතු වල නිරත වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“2015 ජනවාරි 08 වන විට සියළුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සිටියේ රාජපක්ෂලා සමගයි. එක්සත් ජාතික පක්ෂය ධනපතීන්ගේ පක්ෂය වුනත් ධනපතියන් හිටියෙත් රාජපක්ෂලා සමගයි. වත්මන් රජයේ ඇතැම් අමාත්‍යවරුන්ට එය අද අමතක වෙලා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග ව්‍යාපාරික කටයුතු කළ ඇතැම් ව්‍යාපාරිකයින් සමග වත්මන් රජයේ ඇතැම් අමාත්‍යවරුන් ව්‍යාපාර කටයුතු වල නිරත වෙනවා” 

“2020 මැතිවරණයට අපි සුදානම්. විපක්ෂය අපි බියගන්වන්නේ නැහැ. බලෙන් ඡන්දය ගන්නෙත් නැහැ. ජනතාවගේ ආදරය සමග රජය බිහිවිය යුතුයි. වර්තමානයේ රුපියල් කෝටි 1000 ක බැදුම්කර වංචාවක් ගැන කථා කරනවා. නමුත් පසුගිය කාලයේ රුපියල් කෝටි 33000 ක වංචා ගැන කෝප් කමිටු වාර්තා මගින් හෙළිකර තිඛෙනවා. නමුත් සත 33 ක වංචාවක් ගැනවත් පසුගිය කාලයේ පරීක්ෂණ කළේ නැහැ. රුපියල් කෝටි 1000 ක බැදුම්කර වංචාව ගැන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙන වෙනම විමර්ශණයක් කරනවා. එම විමර්ශණ වලින් වැරදිකරුවන් ඔප්පු වුවහොත් දඩුවම් ලබාදෙනවා. කිසියම් පුද්ගලයෙකු වැරදි කරනකොට නිවැරදි කිරීම රජයේ වගකීමයි. නව ව්‍යවස්ථාවෙන් ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. දුෂණ වංචා පිළිබදව පසුගිය රජය සමයේ පරීක්ෂණ සිදුකළ ආකාරයට නොවෙයි වර්තමානයේ පරික්ෂණ සිදු වන්නේ. නීතියට අනුව තමයි පරීක්ෂණ සිදුවන්නේ. වැරදිකරුවන්ට දඩුවම් ලබාදෙනවා. මිග් ප්‍රහාරක යානා ගනුදෙනු පරික්ෂණ නිමවන විට හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ දේශප්‍රේමිත්වය පිළිබදව රටටම කරුණු දැනගන්න පුළුවන්. එවිට ජනතාවට දේශපාලන තත්ත්වය අවබෝධ කරගන්න පුළුවන් කියලා මම හිතනවා.” යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment