සයිටම් නඩුවෙන් සිසුන් දිනුම් සයිටම් සිසුන්ට රජයේ ලියාපදිංචි වීමට අවසරය ලැබේ - අන්තරේ හා ජීඑම්ඕ මුගුරු අතට ගනී

සයිටම් නඩුවෙන් සිසුන් දිනුම්
සයිටම් සිසුන්ට රජයේ ලියාපදිංචි වීමට අවසරය ලැබේ
- අන්තරේ හා ජීඑම්ඕ මුගුරු අතට ගනී


මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් (සයිටම්) අධ්‍යාපනය ලබා පිටවන සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෘත්තිකයින් ලෙස ලියාපදිංචි කිරීම වළක්වා තිබීම අභියෝගයට ලක්කරමින් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන් දෙදෙනකු ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට ගනිමින් ඔවුන්ට ලියාපදිංචි අවසරය ලබා දියයුතු බව
අභියාචනාධිකරණය
අද (31) වෛද්‍ය සභාවට නියෝග කළේය.
විජිත් මළල්ගොඩ සහ එස්.තුරෙයිරාජා මහත්වරුන්ගෙන් යුත් විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබාදී තිබේ.
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන් දෙදෙනකුගේ මෙම ජයග්‍රහණය අනුව ඉදිරියට සියලුම
පුද්ගලික වෛද්‍ය විද්‍යාල සිසිනුට රජයේ වෛද්‍ය වෘත්තිකයන් ලෙස එක්වීමට තිබුණ බාධා නැතිව යනු ඇත.
සයිටම් උපාධිය ලැබූ මල්ෂානි සුරවීරආරච්චි සහ දිලුම් සූරියආරච්චි යන සිසු සිසුවියන් දෙදෙනා විසින් වෛද්‍ය සභාව, උසස් අධ්‍යාපන ඇමැති, උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.
පසුගිය කාලය පුරා සයිටම් විරෝධතා උද්ඝෝෂණයේ යෙදුණ පිරිස් මෙම තීන්දුව අනුව නොසන්සුන්ව ඇති අතර අද සවස 3 ට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබෙන්නේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන දැනුම් දීමටය.
මෙම තීන්දුව
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලබන බ්‍රහස්පතින්දා පවත්වන්නට නියමිත මධ්‍යම කාරක සභාව රැස්වීමේදී
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් අද ලබාදුන් තීරණය සම්බන්ධව සාකච්ඡා කරන බවත් වෛද්‍ය වෘත්තිකයින් මේ ගැන දැඩි තීරණයක් ගැනීමට නියමිත බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දන්වා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment