සෙනසුරු මාරුව නිසා නුගේගොඩ රැස්වීමේ සියලු අංග වලට මහින්දට නැකැත් - රාමලිංගම් කියූ ලංකාවේ 2020 ජනපති වෙන එජාප තරුණ ඇමති කවුද


සෙනසුරු මාරුව නිසා නුගේගොඩ රැස්වීමේ සියලු අංග වලට 
මහින්දට නැකැත්
රාමලිංගම් කියූ ලංකාවේ 2020 ජනපති වෙන
එජාප තරුණ ඇමති කවුද?



තමිල්නාඩුවේ අශෝක්නගර්හි වාසය කරන සුප්‍රකට ඉන්දීය වාස්තු විශේෂඥයකු හා ජ්‍යොතිෂ්‍යෙව්දියෙකු වන එම්.එස්. රාමලිංගම් මහතා පසුගිය 26 වනදාට යෙදුණ සෙනසුරු ග්‍රහ මාරුව ආසන්නයේ ලංකාවේ සංචාරයක නිරතවූ අතර බම්බලපිටියේ, 'පර්ල් සිටි' හෝටලයේ නතරවී සිටියේය.
ග්‍රහ මාරුව හේතුවෙන් වෙන කවරදාටත් වඩා මේ කාලයේ බොහෝ අයට ජ්‍යොතිෂ්‍යවේදීන් ගැන උනන්දුවක් තිබෙන නිසාම රාමලිංගම් මහතාට නිමක් නැතිව එම දිනවල දේශපාලකයින් හා ප්‍රභූන් හමුවන්නට සිදුවූ බව වාර්තා විය. ඔහු හමුවූ අය අතර
ආණ්ඩු පක්ෂයේ හා
විපක්ෂයේ ප්‍රබලතම දේශපාලනඥයින් රැසක් සිටි බවද වාර්තා විය.

දකුණු ඉන්දියානු රූපවාහිනී නාලිකාවල නිරන්තරයෙන්ම ජ්‍යොතිෂ්‍ය පලාපල කථනයේ යෙදෙන රාමලිංගම් මහතා වඩාත් ප්‍රකටව සිටින්නේ බිඳවැටුණ ව්‍යාපාර යළි නගා සිටුවන්නට උපදෙස් සපයන්නෙකු ලෙසයි.ඔහු මහා පරිමාණ කර්මාන්ත ශාලා,ඇඟලුම් ආයතන ආදිය වෙත ගොස් වාස්තු විද්‍යානුකූලව ඒවායේ දෝෂ හඳුනාගෙන පිළියම් නියම කරන අතර ඔහු කියන ගොඩනැගිලි වෙනස්කම් සිදු කළ පසු බොහෝ අය පුදුම කරන ආකාරයට කඩා වැටුණ ව්‍යාපාර යළි පණගසා දියුණුවූ බවද පැවසේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ලංකාවේ පාලන බලය ලබාගන්නා බව හා යුද්ධය ජයගන්නා බවට ඔහු මීට වසර 20 කට පෙර කියා තිබුණ අනාවැකියක්ද සඵලවී තිබේ.
ඔහු මෙවර ලංකාවට පැමිණි අවස්ථාවේ හමුවූ අය කවුරුන්ද යන්න ජ්‍යොතිෂ්‍ය ව්‍යාපාරික රීතිමය හේතු මත හෙළීදරව් කරන්නට නොහැකි බව ඔහුව සම්බන්ධීකරණය කළ කළමනාකරු පසුගිය ඉරිදා ඉංග්‍රීසි පුවත්පතක් කළ විමසීමකදී පවසා තිබේ.
කෙසේ වෙතත් ආරංචි වන ආකාරයට කවුරුත් හඳුනක ප්‍රබලතම දේශපාලනඥයෙකු හෙලිකොප්ටර් යානයකින් රාමලිංගම්ව තම ගමටම ගෙන්වාගෙන අනාවැකිය අසා දැනගත් බව වාර්තා විය.
කෙසේ වෙතත් ඔහුට සෙනසුරු මාරුව අපල බව කියැවී ඇති අතර ප්‍රතිකාර පුදපූජා නියම කර තිබේ. මීට අමතරව ලංකාවේ ප්‍රබල මාධ්‍ය ආයතනයක හිමිකරුවකුද එජාප තරුණ ඇමතිවරයකුද මොහු හමුවී ඇති බව සැලවිය.
2020 වසරේදී ලංකාවේ ජනාධිපති වීමට බොහෝදුරට ඉඩ ඇත්තේ එකී තරුණ ඇමතිවරයා බව රාමලිංගම් පවසා ඇති අතර ඒ කාගැනදැයි හෙළි නොකරන්නට කළමනාකරු පරිස්සම් වී තිබේ.
මේ අතර ඒකාබද්ධ විපක්ෂය  පසුගිය 27 වනදා නුගේගොඩ දී පැවැත්වු රැළියට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වේදිකාවකට ගොඩවීම, කතාව ආරම්භ කිරීම හා එය අවසන් කිරීම සියල්ල ජ්‍යොතිෂ්‍ය නැකැත් අනුව සිදු කර තිබෙන අතර එම නැකැත් සෑදුවේ රාමලිංගම් බවටද රාවයක් පවතී.
මෙම වේලාවන් අනුව වැඩසටහන මෙහෙයවීමට නිවේදක මහතාට වෙනම සටහනක් ලබාදී තිබුණ බවද පසුව වාර්තා විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment