හිරේ ඉඳන් උපාධිගත්ත සිරකරු පෝස්ට්ග්‍රැජුඒට් එකටත් රෙජිස්ටර් වෙලා


මරණීය දණ්ඩනයට ලක්ව වැලිකඩ බන්ධනාගාරය තුළ සිරගතව සිටින අතරතුරදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් හිටපු උප පොලිස් පරීක්ෂක ඉන්දික බමුණුසිංහ පශ්චාත් උපාධිය හැදෑරීම
සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ
ලියාපදිංචි වූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක මහතා සඳහන් කළේ තමාට කැලණිය විශ්වවිද්‍යාලයේදී පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා අවස්ථාව සලසාදෙන ලෙස ඉල්ලමින් ඉන්දික බමුණුසිංහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ලිඛිතව කළ ඉල්ලීමක් අනුව එම අවස්ථා සලසා දුන් බවය.

බන්ධනාගාර නීතිරීති අනුව එම දේශන සඳහා සහභාගිවීමට මෙම සිරකරුවාට අවස්ථාව නොලැබෙන බවත් ඔහුගේ බිරිය හෝ ඥාතීන් විසින් පටිගත කරගෙන එන එම දේශන ඇතුළත් තොරතුරු බන්ධනාගාර සිරමැදිරිය තුළදී ඔහුට ඇසීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන බවත් අධිකාරි චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් පැවැසීය.

(කුමුදු උපුල් ශාන්ත)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment